(යොහාන් භාසුර)
ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා අද (3) පැැවසීය.
සහල්, පරිප්පු සහ තෙල් ඇතුළු ද්‍රව්‍ය 2022 වසරේ සිට ගබඩා කර ඇති බවත් එම ද්‍රව්‍යවලින් ඉතිරිව තිබෙන මෙට්‍රික්ටොන් 1,623 ක ප්‍රමාණයක් 2024 ඔක්තෝබර් මස ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය සහ රසපරීක්‍ෂණ යන දෙපාර්තමේන්තුව වෙත තත්ව පරීක්‍ෂණකට යොමු කිරීමට තීරණ්‍ය කළ බවත් ඒ මහතා කීය.
එම තත්ව පරීක්‍ෂාවෙන් පසුව එම ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි ජනවාරි මස දැනුම් දී තිබූ බව කී අල්විස් මහතා ඒවායේ විදෙස් සහ දේශීය වශයෙන් ලැබුණු ද්‍රව්‍ය ගබඩා කර ඇති බව ද සඳහන් කළේය.
ලෝක ආහාර සංවිධානයෙන් ලැබුණු ආහාර ලබඩා කිරීමට වේයන්ගොඩ ගබඩාව නොමිලයේ සපයා ඇති බව කී ඒ මහතා පැවසුවේ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සහ ලෝක ආහාර සංවවිධානය ඉදිරි පියවර පිළිබඳව දැන්වීමෙන් පසුව එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන බවත්ය.
ආහාර දෙපාර්තමේන්තුව යටතේ රටපුරා ගබඩා 103 ක් පාලනය බවත් සතොස, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව, රේගුව වැනි රාජ්‍ය ආයතනවලට එම ගබඩා සපයන බව ද ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 21
159
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
230
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1095
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආහාර ද්‍රව්‍ය ටොන් 1,623ක් ගබඩාවල නරක් වෙලා
C.K.Lankaputhra Tuesday, 04 February 2025 05:39 AM
රටට හෙන වැදුන එක පුදුමයක්යැ.
Aruna Tuesday, 04 February 2025 07:09 AM
නිකන් දුන්න ආහාර ටික සුදුසු අයට බෙදාදෙන්න බැරි නිලධාරීන්ගෙන් ඇති වැඩේ කුමක්ද? ඉස්සෙල්ල කරන්නේ ඕනේ වැඩ බැරි නිලධාරි අයින් කරන එක. කොහොමටත් අපේ රාජ්‍ය සේවය ඔනෙවතත් වැඩ වැඩිනේ...! ආයෙත් ලෝක ආහාර වැඩසටහනට හිඟමන් යන්න බැනේ.
rathana Tuesday, 04 February 2025 10:56 AM
රජයේ නිලධාරීන්ගේ පඩි වහාම වැඩි කරන්න. එයාලා හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. රටේ අනිත් මිනිස්සු වගේ නෙමෙයි.
fairoos Tuesday, 04 February 2025 05:34 PM
වග කියන්නඩ කවුරුත් නැද්ද? මේවාට නිසි දඬුවම් දිය යුතුයි