IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආහාර ගබඩාවල කෑම හිඟවෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආහාර දෙපාර්තමේන්තුවේ  ගබඩා සංකීර්ණ( වේයන්ගොඩ) නවීකරණයට රුපියල් කෝටි 29 කට වැඩි මුදලක් වැය කර ඇතත්  මෙට්‍රික් ටොන් ලක්ෂයක නිශ්චිත ආහාරතොගයක්  පවත්වාගෙන යෑමට නොහැකිවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ දැඩි අවධානය යොමුවිය.

සාමාන්‍යයෙන් සහල් මෙට්‍රික් ටොන් 1,00,000ක තොගයක් පවත්වාගෙන යෑමට වසරකට රුපියල් කෝටි 2200ක්  අවශ්‍ය වන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය. 

රුපියල් කෝටි 29 ක මුදලක් වැයකර මෙසේ නවීකරණය කර ඇතැයි  පැවසෙන්නේ  ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ  අංක 1, 7, 8, 9,10 හා 13 යන ගබඩා හයයි.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ   රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්  (20) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.



අදහස් (0)

ආහාර ගබඩාවල කෑම හිඟවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site