IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ආහාර ආනයනය සීමා කරන්න යයි

( චන්ද්‍රසේන ගමගේ)

මෑතකදී ආනයනය කිරීම තහනම් කර ඇති ආහාර වර්ග 17 ක් ඉදිරියටත් ආනයනය නොකිරීමට ආණ්ඩුව තීරණය  කර  ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (19) දින මැදමුලන පල්ලෙමුලන දී  පැවසීය.
 
‘’පුදබිමට ගෙවත්තක්’’ රුක් රෝපන ජාතික වැඩසටහන පල්ලෙමුලන ධර්මගිරිගිරුවා සදවිහාරයේදි  ආරම්භ කිරීමෙන් අනතුරුව ඇමති චමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.
 
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති චමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.මේ වන විට කොරෝනා වෛරසය අපිට ආශිර්වාදයක් වි තිබෙනවා.මේ රට පසුගාමී රටක් කරන්නට බලපෑ හේතු අපි නැති කරන්න කටයුතු කරමින් තිබෙනවා.
 
 මේ වන විට මේ රටේ වවන්න පුළුවන් මුං කවුපි වැනි ධාන්‍ය වර්ග මේ රට ට අවශ්‍ය පරිදි වගා කරන්නත් එම ආහාර ද්‍රව්‍ය පිට රටින් ආනයනය කිරීම නැවැත්වීමටත් ආණ්ඩුව කටයුතු කරනවා. එම ප්‍රතිපත්තිය තුළින් මේ රටේ ජාතික ධනය ඉතිරි කර ගැනීමටත් හැකි වෙනවා. මෙම ජාතික වැඩ පිළිවෙලට මේ රටේ ජනතාව විශාල දායකත්වයක් දක්වනවා. එම ජනතාවට තමන් ගේ ස්තුතිය හිමිවෙන බවද ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා එහිදි පැවසීය. ‘ආනයනික කටයුතු ඉදිරියේදීත් සීමා කරනවා’



අදහස් (11)

ආහාර ආනයනය සීමා කරන්න යයි

Walter White Sunday, 19 April 2020 10:02 AM

70 ගණන් වල හිටි ආණ්ඩුවේ ලොක්කෝ ඔහොමම ආනයන සීමා කළා, මිනිස්සුන්ට ඒවා මෙහෙ වවාගන්න නියෝග කළා, එත් ඒ නීති ලොක්කන්ට අදාළ වුනේ නෑ,ඔවුන් හොඳට කෑවා බිව්වා, ඔවුන්ගේ ළමයි අසල්වැසි රටවලට යැව්වා ඉගෙන ගන්න, අපේ රටේ ඔය කිසි සීමාවක් බලය තියෙන අයට අදාළ නැති බව ඉතිහාසය පුරාම අපි අත්දැකල තියෙන නිසා. ඔවුන්ට ඒවාට නිදහසට කාරණාත් තියෙනවා, අපි කියන්නේ මුළු රටටම සීමා පනවනවා නම් ඒවා නායක කාරකාදීන්ටත් අදාළ වන්න ඕන කියලයි. ඉතින් අපට මේ රටේ ඔය සීමා පැනවීම් ගැන තියෙන්නේ විචිකිච්චාවක්, ඔය අහිංසක මිනිස්සු අන්දන්න කියන කතා අපි තඹයකට ගණන් ගන්නෙත් නෑ

:       0       1

නන්නාදුනන හාදයා Sunday, 19 April 2020 10:06 AM

සම්පුර්ණයෙන්ම ආනයනය කරන්න තහනම් කලයුතු දේවල් මෙන්න. 1. රථ වාහන. මේ රට වාහන වලින් පිරිලා පුපුරන්න ලඟයි අවුරුදු 5 කට. මෙය සියලු දෙනාටම පොදු විය යුතුයි. අවුරුදු 5 කට කිසිම වාහනයක් ආනයනය නොකළ යුතුයි.විදේශ රටක සේවය කරන කෙනෙකුට තමන්ගේ වාහනය ගෙන ආ හැකිවේ. නමුත් එය කිසිම විදිහකින් වසර 5 කට කලින් වීකිණීම තහනම් කලයුතුයි.

:       0       0

රොෂාන් Sunday, 19 April 2020 10:28 AM

ඔය කිසි දෙයක් වෙන්නෙ නෑ බාර් ටික ඇරියාම.

:       0       0

Prase Sunday, 19 April 2020 11:55 AM

සතුටුයි අහන්න ස්තූතියි සර්

:       0       0

ගමරාල Sunday, 19 April 2020 12:09 PM

පසුගිය කාලයේ එක් ඇමතිවරයෙක් කිව්වා ප්‍රති අපනයනයෙන් රේගු ආදායම වැඩිවෙනවා කියල. එයාට හිතෙන්න නැතිව ඇති ආනයනය කිරීමෙන් රටේ ධනය විශාල වශයෙන් විදේශයන්ට ඇදීයනවා කියල. මෙය දිගටම ක්‍රියාත්මක වුනොත් රටට යහපතක්...

:       4       11

රවින් Sunday, 19 April 2020 12:18 PM

ඇති යන්තන් පොඩ්ඩක් හරි හිතන්න පුරුදුවෙන එක. මෙරට වගා කළහැකි ආහාර ද්‍රව්‍ය කියක් පිටරටින් ගෙනාවාද? "රටවට මුහුදයි, සිප එන සුළඟයි මෙහි නොවැවෙන කිසිවක් ඇතිදෝ " ඔං ඔහොම කියලා තමයි අපි ඉස්සර කෑවේ බීවේ. කාක්කෝ ටික කොමිස් වලට රට විකුනන්න පටන් ගත්තේ ඊට පස්සේ. ඉතිරි ටික නොදන්නේ ඉපදෙන්න ඉන්න දරුවෝ පමණි .

:       0       14

කපුරුහාමි Sunday, 19 April 2020 12:55 PM

පවුල් පාලනේ අයගේ කෑම වලට නම් අවුලක් නෙතුව ඇති ...

:       16       50

මහින්ද රාජපස්ස Monday, 20 April 2020 12:24 AM

සුනාමි දෙවියන්ට වගේම කොරෝනා දෙවියන්ටත් පින්සිද්ධ වෙන්න අපි ගොඩ.

:       0       0

de silva Sunday, 19 April 2020 01:32 PM

ඔවු ඔවු කොරෝන ආශිර්වාදයක් වෙලා..., ඉස්සර සමහරු සුනාමියත් ආශිර්වාදයක් කරගත්ත..., මිනීමරු ප්‍රභාකරන්ගේ යුද්ධයත් ආශීර්වාදයක් කරගත්ත... අපේ නම් රැකි රක්ෂා ව්‍යාපාර අඩපන වෙලා..., හාමතේ, සමහරු පිට රටවල හිරවෙලා මර බියේ...

:       28       55

lalithm Sunday, 19 April 2020 08:03 PM

පාලකයෝ, වර්තමාන, අතීත බොහෝ දෙනෙක් රටට බොහෝ විනාශයන් කල අයවලුන් තමා. උමා ඔය යෝජනා ක්‍රමයම උදාහරණයක්. මොනවා උනත් බොහෝ දේවල් මෙරට නිපදවන්න පුළුවන්. අඩු තරමින් කන බොන සියලු දේවල්. ඒ වගේම රටේ බොහෝ දෙනෙක් පහුගිය කාලයේ කල කී දේවල් අපේ රටේ තරමට වැඩි. උත්සවයක් ගත්තත් මගුලක්, මරණයක් විතරක් නොවේ... ආගමික සිද්ධස්ථානවල උනත් වියදම් කලේ ලෝකේ ලොකුම ධනවත් රටේ වගේ. මතකනේ රුවන්වැලි සැයේ කොත් වහන්සේ. මැණික්, රත්රන් කෝටිම කීයක්ද? හැදුවේ සිංගප්පුරුවේ? මේ දැන් ලැබෙන්නේ ඒ කල කී දේවල් වලට තැපෑලෙන් ලැබෙන දඬුවම. අපට පුළුවන් විදියට සරලව දිවි ගෙවන්න පුරුදු වෙන්න කාලේ හරි. ගිහි පැවිදි දෙපක්ෂයටම....

:       171       189

marasingheMonday, 20 April 2020 12:23 AM

ඔබ දන්නා දෙයක් ගැන කතාකරන්න. බොරුවට කෑගහන්න එපා. ඔබ ඉස්කෝලේ ගියාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 795 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site