IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආසියා සංවර්ධන බැංකුවෙන් ණයක් ගන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන්  ප්‍රතිපත්ති මත පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන දෙසිය බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියා සංවර්ධන බැංකුව සමග මූලික සාකච්ඡා පවත්වා ඇත.

එකී පළමු උප වැඩසටහන යටතේ අර්බුද කළමනාකරණ රාමුව සහ මූල්‍ය අංශයේ ස්ථායිකරණය වැඩි දියුණු කිරීම සඳහා වන කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර දෙවන උප වැඩසටහන යටතේ ඔරොත්තු දෙන සියල්ල ඇතුළත් මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමට යෝජනා කර තිබේ.

පළමු උප වැඩසටහන සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන දෙසීයක් වාර්ෂිකව සියයට දෙකක පොලී අනුපාතයක් යටතේ වසර 5ක සහන කාලයක් ද ඇතුළත්ව වසර 25ක් නැවත ගෙවීමේ කාලයක් සහිතව ලබා ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව සමඟ නව ගිවිසුමකට එළඹීම සඳහා මුදල් ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (4)

ආසියා සංවර්ධන බැංකුවෙන් ණයක් ගන්න කැබිනට් අනුමැතිය

Nimesh Tuesday, 26 September 2023 10:04 AM

එක්කෝ දේශීය ණය ,නැත්නම් ජාතන්තර ණය ...රනිල්ගේ රාජ්‍ය පාලනය කෙටියෙන්

:       3       9

Rata Perata Tuesday, 26 September 2023 11:51 AM

මේකද ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන පින් ජනපති ගේ ආර්ථික හැදිල්ල.මේ මිනිහා යහපාලන කාලෙත් ගන්න පුළුවන් උපරීම ණය ගත්තා .දැන් ලෝකේ වටේ සංචාර කර කර ඉන්නවා.

:       3       8

duminda Tuesday, 26 September 2023 01:21 PM

මේ ණය ඔක්කොම එදා වේල ගැට ගහගන්න මිසක් කිසිම විදිහක උත්පාදනයක් සඳහා නොවේ .මරු මොලේ

:       3       7

ගමේ එකාලා Tuesday, 26 September 2023 03:10 PM

ලෝකේ වටේ හිගමනේ යනවා මිසක් පින් ජනපතියාට වෙන වැඩක් ඇත්තෙම නැහැ .

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site