IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආසියාවම බබලවා ඩිලන්ත දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අද 10  වැනිදා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගය ඉකුත් 05, 06 සහ 07 යන දිනවල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාලගමුව එම තරගයට සහභාගී විය.

ඩිලන්ත මාලගමුව මහතා අද උදෑසන 8.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර  ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සහ ඩිලන්ත මාලගමුව මහතාගේ මිතුරෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.



අදහස් (5)

ආසියාවම බබලවා ඩිලන්ත දිවයිනට

SUNIL MILANO Wednesday, 10 April 2024 05:11 PM

ඔබ ශ්‍රී ලංකාවට මහත් වූ ආඩම්බරයකි. ඔබට ජයෙන් ජයම පතමි...

:       1       116

Ruwan Wednesday, 10 April 2024 09:28 PM

එරික් යනු මාධ්‍ය මගින් පුම්බපු කෙනෙක් පමණයි.

:       0       0

n gamage Thursday, 11 April 2024 01:12 PM

සුබ පතනවා ඔබට

:       0       0

Anura Marasinghe Thursday, 11 April 2024 03:40 PM

නිහතමානී විශිෂ්ටයා..! හදපිරි සුබපැතුම් ..!❤️

:       0       0

Sandhya balasuriya Friday, 12 April 2024 12:36 PM

අනිවාර්යෙන් එයා දිනනවා අපි දන්නවා ඉහලින්ම ඔහුට සුබ පැතුම් ලැබිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site