IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආසියානු ශූරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 3 ක තෑගි දෙයි

(යොහාන් භාසුර)

චීනයේදී පසුගියදා පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්ක දිනාගත් තරුෂි කරුණාරත්න රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් ඇතුළු එම ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 3 කට ආසන්න ත්‍යාග ප්‍රදානය කළේය.

එම ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් දිනාගත් නදීකා ලේකම්ගේට රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් ද ත්‍යාග පිරිනැමීය.

තරුෂිගේ සහ නදීකාගේ පුහුණුකරුවන්ට ද මෙහිදී විශේෂ මුදල් ත්‍යාග හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ අදහසක් අනුව එහි විධායක කමිටුවේ අනුමැතියෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) ආදායමෙන් මෙම ත්‍යාග පිරිනැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.



අදහස් (4)

ආසියානු ශූරයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කෝටි 3 ක තෑගි දෙයි

ජේ ආර් ජයවර්ධන Saturday, 18 November 2023 09:32 AM

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ...

:       0       19

Subhasinghe Saturday, 18 November 2023 10:31 AM

කරුමයක් වූ ජාතික උරුමයත් ගිහින්නේ...!

:       0       7

chandima Saturday, 18 November 2023 11:22 AM

නැතිව ඉතින් ක්‍රිකට් ගහලා දිනපු අයට කවදා දෙන්නද?

:       0       14

DM Saturday, 18 November 2023 02:28 PM

මේ කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානෙන් වුණු හොරකම් ටික වෙන පැත්තකට යවන වැඩක්... මීට කලින් ක්‍රිකට් ආයතනය ඔය වගේ දෙයක් කරලා නැහැ...!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site