SLT-MOBITEL පසුගියදා පැවති 2022 ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන කාණ්ඩයේ ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පුළුල් මට්ටමින් බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් සැපයීම සඳහා නිර්මාණශීලී ලෙස LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් විසඳුම භාවිතා කිරීම වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි විය.
රටේ ඩිජිටල් පරිවර්තනයට සහය වෙමින් වැඩි පිරිසක් වෙත ඩිජිටල් තාක්ෂණයන් සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මෙම LTE 850MHz බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය භාවිතා කරයි. මෙමගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ රැසක ජනතාවට SLT-MOBITEL හි Sub-1GHz 850MHz LTE ජාලය ඔස්සේ සම්බන්ධතා පහසුකම් හිමි වූ අතර, විශේෂයෙන්ම අන්තර්ජාල සම්බන්ධතාවන් අතිශයින් වැදගත් වූ Covd-19 කාලසීමාව තුළ එය එම ජනතාවට ඉමහත් සහනයක් විය.
SLT-MOBITEL හි LTE 850MHz විසඳුම, මීට පෙර විශාල වශයෙන් භාවිතා වූ ජාතික මට්ටමේ තරංග පරාස සම්පත් ඉතිරි කරන සුවිශේෂී පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. ආවරණ පරාසය පුළුල් කිරීමත් සමග, ඊට පෙර බ්‍රෝඩ්බෑන්ඩ් සේවා ලබාගැනීමට නොහැකි වූ නව පාරිභෝගිකයන් 700,000 ක පිරිසකට එම සේවා ලබාදීමට ජංගම දුරකථන සේවා අංශයට හැකියාව ලැබිණි. LTE 850MHz දියත් කිරීමත් සමග, Covd-19 සමයේ ග්‍රාමීය ප්‍රදේශවල නිවෙස්වල සිට රාජකාරි කිරීමට සිදු වූ පුද්ගලයන්ට හා දුරස්ථ ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට සිදු වූ සිසුන්ට මෙන්ම, Covd-19 සම්බන්ධ හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සිදු වූ බලධාරීන්ටද අත්වැලක් වීමට SLT-MOBITEL සමාගමට හැකියාව ලැබිණි.
595
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආසියානු තාක්ෂණ විශිෂ්ටත්ව සම්මානයක් SLT මොබිටෙල් සමාගම