IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී

සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය.

තමන් ආසන පටි නොපැලඳ මෝටර් රථයේ ගියේ කෙටි දුරක් වුවත්, එය තමන් අතින් වූ වරදක් බවත් ඒ ගැන තමන් දැඩි ලෙස කනගාටුවන බවත් සමාව ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍යවරයා පසුව පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය සුනාක් මෝටර් රථයේ ගමන් කරමින්, සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මිනිත්තුවක වීඩියොවක් රූගත කළේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමිනි. රියදුරා මෝටර් රථය පදවමින් යද්දී, පසුපස අසුනේ අසුන් ගත් අග්‍රාමාත්‍ය සුනාක්. ආසන පටිය ඉවත් කරමින්. එම වීඩියෝවට පෙනී සිටී. එය මිනිත්තුවක වීඩියෝවකි.
කෙසේ නමුත් පසුව වීඩියෝව නැරැඹූ බොහෝ දෙනා දොස් නගා ඇත්තේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කලින් අග්‍රාමාත්‍යවරයා නීති ගරුක විය යුතු බවය.

ආසන පටි නොපැලඳ සිටීම වරදක් බව පෙන්වා දෙමින් වීඩියෝව නැරැඹූ බොහෝ දෙනකු අග්‍රාමාත්‍යවරයාට දොස් නගා චෝදනා කරන්න වූහ. බි්‍රතාන්‍යයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීමේ වරදට ස්ටර්ලිං පවුම් 100 සිට 500 කට නොවැඩි දඩයක් නියම කළ හැක. ආසන පටි නොපැලඳ යා හැක්කේ රෝගී තත්ත්වයක් ඇති විට වෛද්‍ය නිර්දේශ අනුව පමණි.

අග්‍රාමාත්‍ය රිෂී සුනාක් එම වීඩියෝවට පෙනී සිට ඇත්තේ, රජයේ නව ප්‍රතිපත්ති යටතේ, ක්‍රියාත්මක කිරීමට නියමිත විවිධ ව්‍යාපෘති 10 ක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්ය.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ මෝටර් රථය ගමන් කර ඇත්තේ පොලිස් යතුරු පැදි ආරක්ෂාව ද ඇතිවය. එසේ වුවත් මේ වනවිට අග්‍රාමාත්‍ය රිෂි සුනාක් මෝටර් රථයේ ආසන පටි නොපැළඳ ගමන් කිරීම මේවනවිට ලැන්කෂයර් පොලිසියේ අවධානයට ද යොමු වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)



අදහස් (6)

ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී

kamal Friday, 20 January 2023 01:00 PM

දැක්කද පටි ගැලවිච්ච අයගේ කෙරුවාව?

:       1       9

ajithFriday, 20 January 2023 05:33 PM

ආසන පටි නොපැලඳ මෝටර් රථය පදවුයේ මම නොව මගේ රියදුරු බව ප්‍රකාශ කර නැත.

:       0       0

Vira Friday, 20 January 2023 01:27 PM

ලංකාවෙ වගෙ නම් ඔය මිනිහව අගමති කමෙන් ඉවත් කරල ඔය කරපු වැඩෙට.

:       2       40

පැරකුම්Friday, 20 January 2023 03:15 PM

තනතුරෙන් පහකරල දඩයකුත් ගහනව අපේ රටේ…!

:       2       16

Hafeel Friday, 20 January 2023 03:28 PM

බ්‍රිතාන්‍ය එහම වුනාට ලංකාව එහම සමාව ඉල්ලන්න නැහැ. ලංකාවේ නම්, අර වීඩියෝව පල කරපු මිනිහව Detention Order ගහල මාස තුනක් රඳවා ගන ඉන්නවා.

:       5       21

siri Friday, 20 January 2023 04:30 PM

ඒ ඉතින් එංගලන්තෙනේ. මෙහෙ උනානම් දොස් නැඟූ යටත් අවධානය යොමුකරපු පොලිස්කාරයන්ටත් වෙන දේ බලාගන්න තිබුන.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site