
(බී. ජී. චතුරංග)
අනුරාධපුර ආලංකූලම වැව් ඉස්මත්තේ ඇති වගුරු සහිත කුඹුරු බිම සහ හග්ගමුව කැලේ සහිත අක්කර ගණනාවක භූමිය ලබා දී ඇත්තේ නිසි ක්‍රමවේදයට නොවන ආකාරයට ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් බව උතුරු මැද පළාත් වාණිජ මණ්ඩලයේ සභාපති පී බී දිසානායක මහතා පැවසීය.
එම ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක් ඉදි කරන බව ද චෝදනා කරයි.
ගොවි ජන සංවර්ධන පනතේ අංක 46 නැවත 2011 සංශෝධිත අංක 46 පනත මගින් කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ලබා දිය හැක්කේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේ සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අනුමැතිය මත බව පැහැදිලිව සඳහන්ව ඇතැයි දිසානායක මහතා පෙන්වා දෙයි.
එවැනි පසුබිමක තමන්ම තහනම් කරන ලද මේ භූමිය හිටපු ගොවි ජන සේවා කොමසාරි ජනරාල් වරයා විශ්‍රාම යෑමට දින ගණනකට පෙර නැවත අවසර ලබාදීම තුළින් යම් වරදානයක් ලබා ඇති බවට විශ්වාස කළ හැකි බවද වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.
එහෙයින් විශ්‍රාම යන ලද ගොවි ජන සේවා කොමසාරිස් ජනරාල්වරයා නැවත කැඳවා පරීක්ෂණයක් කළ යුතු බවත් මේ සිදු කර ඇති අකටයුත්ත සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප පවා අහෝසි කළ යුතු බවත් පී බී දිසානායක මහතා සඳහන් කරයි.
මේ ඉඩමේ ඉදි කිරීමක් කිරීම සම්බන්ධව මීට පෙර හිටපු උතුරු මැද පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරුවීමට පෙර කළ විමසීම් වලදී සඳහන් කළේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර දී නොමැති බවය.
එහෙත් මේ වන වන විට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින අතර ඒ සම්බන්ධව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් කළ යුතු බවත් ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය


2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආලංකුලම වැව් ඉස්මත්තේ අනවසර ගොඩනැගිල්ලක්
ජිල්බු Tuesday, 01 April 2025 10:49 PM
මේක හදන කෙනාගෙ සම්බන්ධකම් හොයලා පොහොට්ටුවට සම්බන්ධ නෑ කියල ඔප්පු උනොත් මම මේ පාර අලුත් අවුරුද්දට නැන්දම්මට පොල් ගෙඩියක්ම තෑගි දෙනවා.