IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආර්.එම්.වී වාහන වංචාව සී.අයි.ඩීයට

(ඉන්දිකා රාමනායක)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ  නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ,ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී පොලිස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ නියමයෙන් එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම වංචාව සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විමර්ශන ආරම්භ කර මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ සේවකයන් දෙදෙනකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණි.

ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය තොරතුරු හෙළි කර ගෙන තිබුණි.

ශ්‍රි ලංකාවේ ධාවනය වන වාහන 430 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.

 



අදහස් (3)

ආර්.එම්.වී වාහන වංචාව සී.අයි.ඩීයට

සෙනෙවිරත්න Wednesday, 23 August 2023 03:52 AM

ඔය වැඩේ පරණ වාහන සේල් නිසා කෙරෙනවා කියලා හිතෙනවා මොකද සමහරක් අය අඅනතුරු වෙලා වෙන්දේසි කලාම ඒක මිලට අරගෙන කියනවා මට ඕන පොත විතරයි කියලා නමුත් අතීතයේ සිදුවූ එහෙම දේවල් වාහන දුම් සහතික නිසා නොකරනවා කියලා කියන්න පුළුවන්ද ඒගැනත් පරීක්ෂා කලොත් හොදයි

:       1       6

Perera Wednesday, 23 August 2023 05:53 AM

රටේ ඉහලම පුගලයින් නීතිය තුට්ටුවකට මායිම් නොකොට දූෂිත ක්‍රියාවන් වල දෙනකොට ඊට පහල අය නීති ගරුක විනය ගරුක අය වෙන්නේ නැහැ

:       1       7

Rajun de Silva Wednesday, 23 August 2023 07:18 AM

ලංකාවෙ වංචාව දූෂණය ඔඩු දුවලා මහ එකා හිට ගෙන කරන දේ උගෙ ගෝලයො දුව දුව කරනවා කියන්නෙ කට කහනවටද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site