IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආර්.එම්.වී එන්න දින-වේලාව වෙන්කිරීම අනිවාර්ය නෑ

 

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය නොවන බවත් මෝටර් රථ දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් දිනයක් සහ වේලාවක් වෙන්කර නොගෙන පැමිණිය ද සේවය ලැබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට  පැවසීය.

දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට කැමැති පුද්ගලයන්ට එම සේවය ද ලබාගත හැකි බව කී මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා එම දෙපාර්තමේන්තුවට සේවය ලබාගැනීමට පැමිණෙන කිසිම පුද්ගලයෙක් නැවත හරහා නොයවන ලෙස උපදෙස් දුන් බව ද සඳහන් කළේය.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාලවල නිලධාරීන් සතියේ දින පහේම සේවයට පැමිණෙන ලෙස දැනුවත් කර ඇති බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් ඇතැම් පුද්ගලයන්ට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන්නේ යැයි ලැබුණු පැමිණිළි මත මෙම තීරණයට එළඹි බවත් නිශාන්ත වීරසිංහ කීය.

දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ ක්‍රමය ‘කොවිඩ්’ වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් විවිධ දුෂ්කරතා පිළිබඳව අවධානය යොමුකර හදුන්වා දී තිබූ බවත් එම දුෂ්කරතා මේ වන විට මඟ හැරී විශාල පිරිසක් දින සහ වේලාවක් වෙන්කිරීමට යොමු වීමෙන් ජනතාව තව දුරටත් පහසුතාවට පත්වන බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (0)

ආර්.එම්.වී එන්න දින-වේලාව වෙන්කිරීම අනිවාර්ය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site