IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පැවති කුරුඳු වගාව නැවත  ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්”  වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ  පැවති උත්සවයට එක්වෙමිනි.

“සිලෝන් ටී” නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ද ප්‍රවිශ්ට වෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් මහතා විසින් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කෙරිණි.



අදහස් (3)

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා

Akila Tuesday, 30 April 2024 06:23 AM

ඇයි දැන් ගංජා වැඩේ ඇත ඇරලද ? මෙයාගේ අය වැයෙත් ලොකුවට කතාකරේ ත්‍රයිලෝකපත්‍ර ගැන විතරනේ

:       1       4

lgpj Tuesday, 30 April 2024 06:28 AM

ගරු ජනාධිපති/කවදාද

:       1       3

ගමේ එකාලා Tuesday, 30 April 2024 11:29 AM

ආර්ථිකය වට්ටන්ඩ දායක වෙච්චි අය කියන කතා වලට දෙකොනින්ම හිනා යනවා .

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

හොරෙන් මැණික් ගැරූ චීනා රිමාන්ඩ්
2024 මැයි මස 16 24 0

බලපත්‍රයක් නොමැතිව මැණික් ව්‍යාපාරයක් කර මාස හයකදී රුපියල් තිස් හය කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාවකට වරදකරු වූ චීන ජාතිකයකු සතු එම ම


අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 169 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 1941 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 731 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 418 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 2137 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 738 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1950 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site