(නිමල කොඩිතුවක්කු)
ආර්ථික ප්රතිසංස්කරණ ගැන අවධානය යොමු කරමින් රට ඉදිරියට ගෙන යන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් මත තිබෙන සීමා ඉවත් කිරීම මගින් ආර්ථික ප‍්‍රතිලාභ ඉපයීමට කටයුතු කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවති සී. නාරායනස්වාමි මහතා විසින් රචිත Managing Deveiopment People, Policies and Institutions කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අද (29) පස්වරුවේ එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘හැමෝම මේ විෂය ක්ෂේත්‍ර ගැන කතා කළා. මට කියන්න දෙයක් නැහැ. පාලිත එහෙම නැතිනම් අධිකාරියකින් කි‍්‍රයාත්මක වුණු ආර්ථිකය, වෙළෙඳපොළ ආර්ථික බවට පත් වුණා. චීනය 1977 වසරේදී පසුපසට යමින් තිබූ ආර්ථිකයක් බව මතක් කරන්න ඕනේ.
එහෙත් අද චීනය කොතැනද ඉන්නේ. චීනය මේ වෙනස්කම් ආරම්භ කළේ 79 අවුරුද්දේ වගේ. අපි ඒ කාලයේ චීනයට ගියා. අද වියට්නාමය කොතැනද ඉන්නේ. මේ දේවල් ගැන අපි බලන්න ඕනේ.
මේ රටවල් සමාජ සංවර්ධනය කැප කරලා ආර්ථික සංවර්ධනය කළේ නැහැ. ඒ රටවල් ආර්ථිකය වගේම සමාජ සංවර්ධනයත් කළා. ඒ දෙකම සමබරව පවත්වාගෙන ගියා. විශේෂයෙන්ම චීනය සහ වියට්නාමය.
අපි පිළිතුරු සෙවිය යුතු ප‍්‍රධාන ප‍්‍රශ්නයක් හා කරුණක් වන්නේ එයයි. අපි විතරක් නෙමෙයි ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් සියල්ලම මේ ගැන විමසා බලන්න ඕනේ. මේ ප‍්‍රශ්නයට අපි පිළිතුරු හොයන්න ඕනේ.
අපේ රාජ්‍ය කළමනාකරණ ව්‍යුහය අනෙක් රටවල් මුහුණ දෙන අභියෝගවලට සමානව මුහුණ නොදුන්නේ ඇයි කියන ප‍්‍රශ්නය අපි අපෙන් අහන්න ඕනේ. ඒ රටවල එක් පක්ෂ ක‍්‍රමයක් තිබුණු නිසා ද ? නැතිනම් ඔවුන්ට අපට වඩා විනයක් තිබෙන නිසා ද ? මේ ප‍්‍රශ්න අපි අහන්න ඕනේ.
චීනය දිහා බලන්න. චීනයේ පරිපාලන වගේම දේශපාලන ආකෘතියක් ව්‍යුහයක් තිබෙනවා.
පසුගිය වසර කිහිපයේදී අපි සමාජ ක්ෂේත‍්‍රයේ විශාල ආයෝජන රැසක් කර තිබෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල ආයෝජන රැසක් කර තිබෙනවා.
1 වසරේ සිට 13 වසර දක්ව පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වාදීම යනාදි බොහෝ දේ අපි කර තිබෙනවා. අපි ග‍්‍රාමීය මට්ටමින් භෞතික දියුණුව අත්පත් කරගෙන තිබෙනවා. ගොඩනැගිලි ඉදි කර තිබෙනවා. යටිතල පහසුකම් ඇති කර තිබෙනවා.
අපි දැන් ආර්ථික ප‍්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. ඉදිරි වසර පහක කාලයේදී අපි ආර්ථික ප්රතිසංස්කරණ ගැන බලන්න ඕනේ.
අපනයන ආර්ථිකයක් වෙන්නේ කොහොමද ? අපේ වෙළෙඳපොළ මොනවාද කියලා බලන්න ඕනේ. අපි විශේෂඥයන් ඉදිරියට යන්නේ මොන ක්ෂේත‍්‍රවලින් ද කියලා බලන්න ඕනේ. අපිට හැමදේම කරන්න බැහැ. තෝරාගැනීම් කරගෙන ඉදිරියට යන්න ඕනේ. ආර්ථික ප‍්‍රතිසංස්කරණ කරන්න ඕනේ.
ඒ වගේම පෞද්ගලික අංශයේ පුරප්පාඩු තිබෙන්නේ ඇයි ? ඒවා පිරෙන්නේ නැත්තේ ඇයි මේ වගේ ගොඩක් දේවල් බලන්න තියෙනවා. රැකියා වෙළෙඳපොළේ තිබෙන නොගැලපීම හඳුනාගන්න ඕනේ. රැකියා පුහුණුව ආදිය ගැන බලන්න ඕනේ.
ඒ වගේම ණය ගෙවන ගමන් ආර්ථිකය ස්ථාවර කරන්න තිබෙනවා. අපි උපයාගෙන ණය ගෙවන්න ඕනේ. ආර්ථිකය ස්ථාවර කරන්න අවුරුදු තුන හතරක් යනවා. දැන් අපි සල්ලි හොයන්න ඕනේ. ණය ගෙවන්න ඕනේ. ඒ වගේම ඉස්සරහට යන්නත් ඕනේ.
ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ ලබන්න නම් ආර්ථික කටයුතුවලට විතරක් නෙමෙයි රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් මත තිබෙන සීමා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්නත් ඕනේ’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රට ඉදිරියට ගෙන යනවා