IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ආර්ථික අර්බුදය ජයගන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවලියක්

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ  සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් යටතේ  අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව  මැතිවරණ කොමිෂන්  සභා පවසයි.

අර්බුද ජයගැනීම සඳහා සම්මුතිකාමීව රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කළ මොහොතක් ලෙස මෙම අවස්ථාව සලකන බවද කොමිසම සඳහන් කරයි.

මෙහිදී වඩාත් වැදගත් වනුයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම බවද කොමිසම පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත කාල රාමුවකදී  ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක්ද   ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක බලය ඉවත් කිරීම හෝ බලතල සීමා කිරීම හෝ පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීම, රටට විදේශ විනිමය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සහිත ව්‍යාපෘති ආරම්භ කිරීම,   අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා අමාත්‍යාංශ ඇති කිරීම, අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවා සැපයීමට හා බෙදාහැරීමට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මහජන නියෝජිතයන්ට ලබා දෙනු ලබන අධි  වරප්‍රසාද සීමා කිරීම එම යෝජනා  අතර වෙයි.



අදහස් (0)

ආර්ථික අර්බුදය ජයගන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 741 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1165 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site