IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආර්ථික අර්බුදය ගැන මහින්දානන්දගෙන් පාපොච්චාරණයක්

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදය උත්සන්න වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට ආර්ථික විශේෂඥයන් දුන් වැරදි  උපදෙස් නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   මහනුවර දිස්ත්‍රික්  මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7)  පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට බදු සහන ලබා දුන්නේ සද්භාවයෙන් වුවත්  එය නරක පැත්තට හැර වුණු බවද  ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

පී බී ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් හිටපු ජනාධිපතිවරයා කැඳවූ අවස්ථාවේදී රටේ මූල්‍ය අර්බුදයක් නොමැති බව ඔවුන් පැවසුවේ යැයිද හෙතෙම සඳහන් කළේය.

රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින බවත්  ලබන මාසයේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නේ කොහොමදැයි මහා භාණ්ඩාගාරය   කල්පනා කරමින් සිටින බවත් අලුත්ගමගේ මහතා කීවේය.

එහෙත්  රටවල් කිහිපයකින් ආධාර ගණනාවක් ලැබීමට නියමිතව  ඇති හෙයින් පඩි නඩි ගෙවීම කළමනාකරණය කරගත හැකි වෙතැයි විශ්වාස කළ අලුත්ගමගේ මහතා ආයතන ගණනාවකට රුපියල් බිලියන ගණනක හිඟ බිල්පත් ගෙවීමද විශාල ප්‍රශ්නයක් වී ඇතැයි  සඳහන් කළේය



අදහස් (4)

ආර්ථික අර්බුදය ගැන මහින්දානන්දගෙන් පාපොච්චාරණයක්

Perera Saturday, 08 October 2022 12:09 AM

ආර්ථික විශේෂඥයෙක්ගෙන් ගත යුතු උපදෙස් ගණකාධිකාරවරයෙක්ගෙන් ගත්තාම..., කෘෂිකර්මය පිළිබඳ උපදෙස් ළමා රෝග විශේෂඥයෙකුගෙන් ගත්තාම ආර්ථිකේටයි, කෘෂිකර්මයටයි කෙළවෙන බව ඕනෑම බූරුවෙකුට තේරුම් යන්න ඕනෑ...

:       0       6

පොහොරා Saturday, 08 October 2022 12:18 AM

ගෙම්බන්ට පුළුවන්ද ආර්ථිකය ගැන කතාකරන්න... අනේ යන්න. මෙච්චර කාලයක් කරපුවා මදිද, රටේ සංවර්ධදනය වෙනුවෙන් නුඹලා. දැන් මෙතන මගුලක් කියවනවා. ගෝඨාභය කෑවේ, රට කෑවේ උඹලා... තවත් ඕක ඇතුලේ ඉන්නවනේ ලැජ්ජා නැතිව. වෙන රටක නම් ඉන්නේ හිරේ...

:       0       6

Nuugath Gun Kabarayaa Saturday, 08 October 2022 06:01 PM

දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්න කෙනෙක් නැද්ද?

:       0       3

චතුරි Sunday, 09 October 2022 02:04 AM

කාලකන්නි ටික වට වෙලා රට විනාස කරලා දැන් අනිත් මිනිසුන්ට ඇගිල්ල දික්කරනවා. මේ කාලකන්නි ටික අඩුම ගානෙ යුද්දෙන් පස්සෙවත් එක අවුරුද්දක් රට හොදින් තිබ්බද ලෝකෙන් හිගානොකා. එදාඉදාන් ටික ටික කාපුවා වල විනාසේ මේ. උගත් කමක් නැති මීහරක් ප්‍රධාන පුටුවල ඉන්න කොට. මෙහෙම වෙනවා මුන්ට දැන්වත් බැහැ අයින්වෙන්න. මුන් ටික හිරේ දමන්න ඕන ලබන මැතිවරනය දිනපු ගමන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site