(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් වැඩි වශයෙන් පීඩාවට පත් වී ඇත්තේ කාන්තාවන් සහ ළමයින් බව ආසියා සහ පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම පෙන්වා දෙයි.
ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම තුලින් පීඩාවට පත් වී ඇති කාන්තාවන් සහ ළමුන් පවුල් පරිසරය තුළ ශක්තිමත් කිරීමට හොඳ අවස්ථාවක් තිබෙන බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සමග කර්මාන්ත අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී එම කොමිසමේ දකුණු සහ නිරිතදිග ආසියා කාර්යාල ප්‍රධානි මිකිකෝ ටනාකා මහත්මිය ප්‍රකාශ කළාය.
එහිදී කර්මාන්ත අමාත්‍යංශය සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ කාන්තා ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් ආරම්භ කර තිබෙන බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම බැට කන්නේ කාන්තාවන් සහ ළමයින්
lambert Thursday, 03 November 2022 01:41 PM
ඔව් දැන්නම් සොරි වෙලා තියෙන්නේ. ඒක කට්ටියකට නම් තාම දැනිලා නැහැ. KFC, බර්ගර් කිංග් වල පෝලිමේ ඉඳලා ගන්නේ. ඒත් තව කට්ටියකට පස් කන්න වෙලා තියෙන්නේ. මිනිස්සු කන්න ඉල්ලලා පාරේ අඬනවා, බෙහෙත් ගන්න සල්ලි ඉල්ලා පාරේ අඬනවා. මම ඇස් දෙකින් දැකලා තියෙනවා. එහෙම දේවල් ඉස්ස තිබුණේ නැහැ. රට පාලනය කරපු එව්න්ගෙ ආශ්චර්ය තමයි ඉතින්.
fairoosThursday, 03 November 2022 05:01 PM
බයි වහලුන්ට කියලා වැඩක් නැහැ. රනිල් රාජපක්ෂ රට තවත් බංකොළොත් කරලයි පස්ස බලන්නේ.