IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආර්ථික අර්බුදයෙන් ධීවර සහ කෘෂි කර්මාන්තයට හෙනහුරා ලබලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ධීවර සහ කෘෂි කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. ධීවර සහ කෘෂි කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් එම කර්මාන්ත ආශ්‍රිතව රැකියාවේ නිරත වන දිනපතා වැටුප් ලබන පුද්ගලයන්ගේ වැටුපද සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන හිඟ වීම සහ ඉන්ධන මිල දරාගත නොහැකි වීම හේතුවෙන් ධීවර කටයුතු වලින් ඉවත් වී ඇති බවත් ඒ හේතුවෙන් එම බෝට්ටු වල රැකියා කළ පුද්ගලයන්ගේ ජීවනෝපායටද බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය සඳහන් කරයි. ජීවනෝපායට බලපෑම් එල්ල වීම හේතුවෙන් මිනිසුන්ගේ ආතතිය ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් මිනිසුන් අතර ඇති වන ගැටුම් සහ ආරවුල් නිරාකරණය කිරීම අපහසු වී ඇති බවත් රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

බීජ ලබා ගැනීමේදී අධික වියදමක් දැරීමට සිදු වීම සහ බීජ ප්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් බව රතු කුරුස සංවිධානය පවසයි. දැරිය නොහැකි ඉන්ධන මිල සහ ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් බිම් සකස් කිරීම ඇතුළු පෙර වගා කටයුතු වලට බාධා එල්ල වී ඇති බවත් වගා කටයුතු නිසියාකාරව සිදු කිරීමට නොහැකි වීමෙන් අස්වැන්න අඩු වී ඇති බවත් රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. ඒ හේතුවෙන් ගොවියන්ගේ ණය බර වැඩි වී ඇති බවත් කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීමට ගොවියන්ට හැකියාවක් නොමැති බවත් රතු කුරුස සංවිධානය පවසයි.



අදහස් (1)

ආර්ථික අර්බුදයෙන් ධීවර සහ කෘෂි කර්මාන්තයට හෙනහුරා ලබලා

sharm warn Thursday, 03 November 2022 04:11 PM

ඒක අමුතුවෙන් කියන්න දෙයක්ද?මුළු රටම දන්නවා .පාලකයෝ කරපු නස්පැත්තිය .අපිට කියලා වැඩක් නැහැ .කරපු එවුන්ට කියන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site