IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී අද (13) පැවැත්විණි.
 
මෙහිදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම ඉන්දියාව, චීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශ නිලධාරීහු 157 දෙනෙක් ද උපාධිය ලබාගත්හ.
 
මෙහිදී පිරිනැමුණු ‘සේනා විධායක ගෞරව සම්මානය’ මේජර් රෝහණ ඒකනායක, කමාන්ඩර් ප්‍රශාන්ත් මිස්රා (ඉන්දියාව) සහ බලඝණ නායක ප්‍රණීත් කොඩිකාර යන නිලධාරීන් ද, ගෝල්ඩන් පෙන් සම්මානය මේජර් හරිත පාගොඩආරච්චි විසින් ද ගෝල්ඩන් අවුල් සම්මානය මේජර් රෝහණ ඒකනායක, ලුතිතන් කමාන්ඩර් රංගන අතුකෝරල සහ  ස්කොඩ්රන් ලීඩර් ප්‍රණීත් කොඩිකාර විසින් ද දිනා ගන්නා ලදී.
 
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරු,  ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක මේජර් ජෙනරාල් ඩී. එන්. පී. එන්. දෙමටන්පිටිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site