
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගෙන් ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සමාව ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වීරක්කොඩි මහතා පැවසුවේ එම සිද්ධියේ විමර්ශනයෙන් අනතුරුව කමිටුවේ දැනුම්දීම අනුව දෙදෙනා එසේ සමාව ගත් බවයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තර්ජනය කිරීම සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදීය.
මේ සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ විමර්ශන කතානායකවරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරනු ලැබීය.
ඒ අනුව එම කමිටුව චන්දිම වීරක්කොඩි මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. අනතුරුව එම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ හඬ පට පරීක්ෂා කිරීමේදී එවැනි තර්ජනයක් සිදුව ඇති බව තහවුරුවීම නිසා කමිටුවේ දැනුම් දීම අනුව එම දෙදෙනා මෙසේ සමාව ගෙන ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී චන්දිම වීරක් කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හි ඉහළ නිලධාරීන් කරන්නේ යයි පැවසෙන අනවශ්‍ය වියදම් පාලනය කිරීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කර ඇත. මන්ත්‍රීවරයාට මෙම තර්ජනය කිරීම කර ඇතැයි පැවසෙන්නේ ඒ අවස්ථාවේදීය.
මේ සිද්ධිය හේතුවෙන් එම කාරක සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවී තිබිණැයි වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂක ලේකම්-යුද හමුදාපති චන්දිමගෙන් සමාව ගනිති
Rata Perata Tuesday, 13 February 2024 12:49 PM
කමල් ගුණරත්න වගේ පෙන්දන්ගේ බලයේ අවසානය ලඟයි
Tharindu Tuesday, 13 February 2024 03:44 PM
මෙහෙව් හිඟන දේශපාලුවන් ගෙන් සමාව ඉල්ලනවා ගෞරවනීය රට වෙනුවෙන් සටන් කරපු නායකත්වය දුන් අභීත රණවිරුවන්..පක්ෂයක ප්‍රතිපත්ති රකින්න බැරි එකකින් තව පක්ෂයකට පනින මෙහෙව් ඡන්දපාලුවන් නැවත පාර්ලිමේන්තු වරම් නොලැබේවා