IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආරක්ෂක ලේකම් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හමුවෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා උපරිම සහයෝගය දෙන බව අද (11) පැවසීය.

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය පාණ්ඩේ මහතා අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැති හමුවේදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා එසේ පැවසීය.

ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ඇකුළු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාහු කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර මහතා ද සහභාගී විය.



අදහස් (0)

ආරක්ෂක ලේකම් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site