
(යොහාන් භාසුර)
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (07) පස්වරුවේ රැස්විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිළිගත්හ.
රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡා කළේය.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආරක්ෂක උපදේශක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 December 2021 07:48 AM
රටේ මොන ආරක්ෂාවක් ද ? දේශපාලකයන්ගේ හා ඔවුන් සම්බන්ධ අයගේ නම් ආරක්ෂාව ඉහටත් උඩින් .. ගෙදර තියෙන ගෑස් ටැංකියෙන් වත් ජනතාවට ආරක්ෂාවක් නැහැ.
kamal Wednesday, 08 December 2021 12:04 PM
නොදන්න දේවලට ගිහින් වරිගෙ නහගන්නවාට වැඩිය දන්න දේ කිරීම හොඳයි කිව්වලු...