IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රමිතියෙන් යුතු උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශවන ජනතාවට එමඟින් වඩාත් විශ්වාසදායක අයුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ  සිදු කළ කරුණු  විමර්ශනය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි. 

මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ සියලුම අංශ නිරීක්ෂණයට ලක් කරමින් නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලූ අතර, එහිදී යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව, නව නිෂ්පාදන යන්ත්‍ර මිලදී ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා සුර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම අවශ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීම් ආදී කරුණු පිළිබඳ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද සොයා බැලුවේය.



අදහස් (2)

ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි

Neel Friday, 17 January 2025 03:02 PM

ඉතාමත්ම අත්‍යාවශ්‍ය කාලෝචිත තීන්දුවක්. හැමතැනම ආයුර්වේද බේත් තෙල්...!

:       0       9

දිමුත් Friday, 17 January 2025 03:08 PM

ඕකේ වෙළෙඳසැල හවස 4ට කලින් වහනවා. පුළුවන් නම් තව ටික වේලාවක් විවෘතව තබන්න...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 211 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site