(සුජිත් හේවාජුලිගේ )
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු මැතිවරණ කොමිෂන් සභාවට හෙට (18) උදේ කැදවෙති.
මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබ ඇති අනෙකුත් ආයතන අතර ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනාදියද වෙයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාද කොමිසම හමුවට අද කැඳවනු ලැබ සිටියි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද හෙට උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.