IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආයතන රැසක් මැතිසබයට වාර්තා දීම පැහැර හැරලා

( සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බොහෝ අමාත්‍යාංශ  යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක් වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

මේ අනුව  සියලු අමාත්‍යාංශ  ඇති ආයතනවල වාර්ෂික වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි  අග්‍රාමාත්‍ය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බොහෝ බොහෝ ආයතන සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම පැහැර හරින බවට මන්ත්‍රීවරු රැසක්  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී චෝදනා කළහ. අගමැතිවරයා ඉහත උපදෙස් ලබා දුන්නේ ඉන් අනතුරුවය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවද  අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එම උපදේශක කාරක සභා  රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 24 වැනිදා පැවැත්විණ.



අදහස් (1)

ආයතන රැසක් මැතිසබයට වාර්තා දීම පැහැර හැරලා

මහමුදළි Monday, 27 March 2023 07:14 PM

අමාත්‍යාංශ යටතේ ඇති ආයතන නම් අමාත්‍යාංශ ලේකම් ප්‍රධාන ගණන් දීමේ නිළධාරින් ලෙසට සම්පූර්ණයෙන්ම වගකිවයුතුය ඔවුන්ට වැටුපට අමතරව විශාල දීමනාවක් දෙන්නෙ එම වගකීම දැරීමට තමයි එහෙම වගකීම පැහැර හැරීම වෙනුවෙන් විනයානුකූලව කටයුතු කරන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site