IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආයෝජන මණ්ඩලය - නයිටා නිපුනතා සංවර්ධන මෙහෙයුමක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල  ආයෝජකයන් දීර්ඝ කාලයක් සිට මුහුණපා ඇති ගැටළුවක් වන නිපුනතාවයෙන් යුතු මානව ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ආයෝජන මණ්ඩලය සහ ‘නයිටා’ ආයතනය එක්ව මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය.

එහි ආරම්භක පියවර ලෙස හොරණ අපනයන සැකසුම් කලාපයේදී පාසල් හැරගිය සිසුන් 22 ක කණ්ඩායමක් පුහුණුව ආරම්භ කළ බවත් මෙහිදී හොරණ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලාවලට අවශ්‍ය විදුලි කාර්මිකයන්, පෑස්සුම්කරුවන්,  ජලනල කාර්මිකයන්  වැනි නිපුනතාවයෙන් යුතු කාර්මික  ශිල්පීන් පුහුණු කළ බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවසීය.

මේ සඳහා  පාසල්  හැරගිය සිසුනට අවශ්‍ය කුසලතාව, ප්‍රවීණතාවය සහ පුහුණුව ලබාදීමට කර්මාන්තශාලා හිමියන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා නයිටා ආයතනය එකඟ කර ගැනීමට ආයේජන මණ්ඩලය කටයුතු කළ බව කී ආයෝජන මණ්ඩලය  මෙම පුහුණු කාලය තුළ ආධුනික වෘත්තීය ශිල්පීන්ට මාසික දීමනාවක් හා  පුහුණුව අවසානයත් සමඟ ආධුනිකයන් ආයතනයනවල අවශ්‍යතාව අනුව අන්තර්ග්‍රහනය කරන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.

මෙම වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය ‘නයිටා’ ආයතනයට,  එම ආයතනය සමඟ එක්ව කටයුතු කිරීම සම්බනධයෙන් හොරණ අපනයන සැකසුම් කාලපයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ හොරණ අපනයන සැකසුම් කාලපයේ අපනයනකරුවන්ගේ සංගමයට ද ස්තූතිය පළ කළාය.

වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (කලාප) එම්. කේ. ඩී. ලෝරන්ස්, හොරණ අපනයන සැකසුම් කලාපයේ ආයෝජකයන්ගේ සංගමයේ සභාපති එච්. ඩී. ද සිල්වා යන මහත්වරු ද, ‘නයිටා’ ආයතනයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වුහ.



අදහස් (1)

ආයෝජන මණ්ඩලය - නයිටා නිපුනතා සංවර්ධන මෙහෙයුමක්

සමන් - ඕමානය Monday, 19 September 2022 01:24 PM

ඉතා හොඳ පියවරක්. ලංකාවේ පාසල් හැර යන තරුණ පිරිස මෙවැනි කාර්මික ක්ෂේත්‍රයට යොමු කිරීම ඔවුන් හට මෙන්ම රටට ද යහපතක්. රස්තියාදු ගහනවාට හෝ ත්‍රී වීලරයක වැඩ කරනවාට, කුඩු ගහනවාට හෝ රටට බැන බැන ඉන්නවාට වඩා මෙවන් නිපුනතා වලින් ඔවුන් හට දියුණු විය හැකියි. ආදායම් මාර්ග හා රට රැකියා මාර්ග පාදාගත හැකියි. සංවිධානය කළ ආයතන හා නිලධාරීන් වෙත මෙම වැඩසටහන ඉදිරියටම ගෙනයාමට ශක්තිය, දිරිය හා කැපවීම පතමි. දුවේ, පුතේ, මෙම පුහුණුව අනුසාරයෙන් ඔබේ අනාගතය සාර්ථක කරගන්නට උත්සාහ වන්ත වෙන්න...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site