ඩුබායි හි අර්මානි හෝටලයේදී පසුගියදා පැවැත්වුණු වාර්ෂික ආයෝජන සමුළුවේදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රිදී සම්මානය දිනාගන්නට සමත් විය. දකුණු හා නැගෙනහිර ආසියානු කලාපයේ දෙවැනි හොඳම ක්‍රියාකාරී ආයෝජන ප්‍රවර්ධන නියෝජිතායතනය ලෙස මෙලෙස සම්මානයට පාත්‍ර විය.
වාර්ෂික ආයෝජන සමුළුව යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආර්ථික අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වැඩසටහනකි. ගෝලීය වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා තිරසාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති, උපායමාර්ග සහ භාවිතයන්, පවතින ප්‍රධාන මූලධර්ම මත ගෝලීය හුවමාරුව සඳහා රාමුවක් සැකසීම මෙමගින් සිදු වේ. ඒ අනුව ලොව පුරා ඇති හොඳම ආයෝජන ප්‍රවර්ධන නියෝජිත ආයතන හඳුනා ගැනීම මෙම ආයෝජන සමුළුව සිදුකරයි.
වාර්ෂික ආයෝජන සමුළුව සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මහතා විසින් සම්මානය ලබාගන්නා ලදී.
වාර්ෂික ආයෝජන සමුළුවෙහි සම්මාන ප්‍රදානයේ මූලික ඉලක්කය වන්නේ තම රට සඳහා සැලකිය යුතු සහ ප්‍රයෝජනවත් ආයෝජන ව්‍යාපෘති ආකර්ෂණය කර ගැනීම සඳහා දක්වන ලද කැපවීම හා එම රටේ ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය ග්‍රහණය කර ගැනීමයි.
මෙවර සම්මානය සඳහා ගෝලීය කලාප නවයම ආවරණය වන පරිදි ඒ ඒ රටවල රාජ්‍ය ආයෝජකයින් සහ ආයතන 15,000ක් පමණ සහභාගි විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වසර 40කට වැඩි සක්‍රීය දායකත්වයක් මෙරට ආර්ථිකයට දක්වා ඇත. මේ යටතේ ආයෝජන ව්‍යාපෘති 1700කට වැඩි ගණනක් මෙහෙයවයි. රටේ මුළු කාර්මික අපනයන ආදායමෙන් සියයට 80ක් පමණ හිමිවන්නේ මෙම ව්‍යාපෘති තුළිනි.
-සටහන- චමින්ද මුණසිංහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආයෝජන මණ්ඩලයට ඉහළ පෙළේ සම්මානයක්