(නිමල කොඩිතුවක්කු)
සාමාන්‍ය පෙළ විභාගය කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.
නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් පිළිබඳ සැගකිලිමත් වෙමින් මෙම හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම සකස් කර ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාණය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන 3568 ආවරණය වන පරිදි මෙම සැලැස්ම සකස් කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.
ආපදා වලට අමතරව ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව සමග විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළකද ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙයට අමතරව යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථනවෙත දැනුම් දෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආපදා කළමණාකරණය සා.පෙළ ට සූදානම්
Kumari Wednesday, 17 May 2023 10:04 AM
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වල පොසොන් උත්සවය යෙදී තිබෙන බැවින් ඒ දිනවල පැවැත්වෙන දන්සල්, තෝරන් සහ අනෙකුත් උත්සව වල ගෝෂාකාරී සබ්දය (පොහොය දින හැර) මෙම දරුවන්ට බාධාවක් නොවන්නේද. ඒ පිළිබදව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නේනම් මැනවි.