
(නිමල කොඩිතුවක්කු)
අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජලගැලීම් ඇතුලු දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් පැය 24 ක් තුළ දිස්ත්‍රික්ක 5 ක මරණ 30 ක් සිදුවී තවත් 10 ක් තුවාල ලබා 21 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා තත්වය දිස්ත්‍රික්ක 20 කට අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාෂ 93 කට බලපා ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ හේතුවෙන් පවුල් 1729කට අයත් පුද්ගළයින් 5893ක් පීඩාවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ආපදා තත්වය හේතුවෙන් නිවාස 3කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 431කට අර්ධ හානි සිදුව ඇති බවත් කොඩිප්පිලි මහතා පැවසීය.
මේ වනවිට පුවුල් 169කට අයත් පුද්ගළයින් 524ක් ආරක්ෂිත ස්ථාන 13 ක රඳවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව ඥාති නිවාසවල පුවුල් 137කට අයත් පුද්ගළයින් 477ක් රඳවා ඇතියිද අධ්‍යක්ෂවරයා පැවසිය.
අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.
මෙම තත්වය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකී ආරක්ෂිත ස්ථාන වල රැඳී සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 නොවැම්බර් මස 21
173
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආපදාවෙන් මරණ 30යි : 21ක් අතුරුදන්