IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආනවිලුන්දාව යළිත් ගිනිගනී

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)

 

ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ පැතිරි ගිය ගින්න යුද හමුදාව හා වනජිවී නිළධාරින් හා ගම්වාසින් එක්ව නිවා දැමු බව පුත්තලම ආපදා කළමණාකර ඒකකය පවසයි.

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ රැම්සා අභය තුළ පසුගිය 5 දින ද ගිනි ගැනීමක් සිදුව තිබු අතර එය ආනවිලුන්දාව වනජීවි නිළධාරින් මහත් වෙහෙසක් දරමින් නිවා දමා තිබිණි.

පරිසරවේදින් පවසන්නේ දේශීය හා විදේශීය පක්ෂීන්ගේ සුවිශේෂ තොතැන්නක් වන මෙම රැම්සා අභය භූමිය මේ ආකාරයට ගිනි දිගින් දිගටම ගිනි ගැනිමත් සමග මේ වන විට රැදී සිටින පක්ෂීන්ට හානිකර කටයුත්තක් බවයි.

එසේම ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රැම්සා තෙත් බිම ආරක්ෂා කර ගැනිම සදහා නිරන්තර අවධානය යොමු කරන ලෙසය.

ආනවිලුන්දාව අභය භුමිය තුළ ඇතිවු  ගිනි ගැනිම නිවා දැමිමට  පුත්තලම 143 වන බල සේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සේනක කස්තුරි මුදලිගේ මහතාගේ උපදෙස් මත  යුද හමුදා කණ්ඩායමක් එක්ව තිබිණි.

ඒ සමගම ගින්න නිවා දැමිමට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් යොදා ගෙන තිබු අතර මේ සදහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් හා  වනජීවි නිළධාරින් හා ගම්වාසින් ගින්න නිවා දැමිමට එක්ව සිටි බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ගිනි ගැනිම නිසා අභය භුමියේ  අක්කර 20 කට ආසන්න භුමි ප්‍රමාණයක් ගිනි ගෙන දැවි තිබිණි.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. එන්.කේ.අලහකොන් මහතා පවසන්නේ පවතින වියළි කාලගුණ තත්වය හමුවේ කිසිවකු ගිනි තබා පලා යන්නට ඇති බවයි.

 



අදහස් (11)

ආනවිලුන්දාව යළිත් ගිනිගනී

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 09:00 AM

බොහෝවිට සමහර මිනිසුන් වනාන්තර ගිනි තබන්නේ සතුන් දඩයම් කර ගැනීමටය. බොහෝ බිය සතෙකු වන හාවා ඇවිලෙන ගින්නට බියෙන් ගසක් මුලටම වී ගුලි ගැහී සිටියි. අවසානයේ හාවා ගින්නෙන් පිළිස්සී මැරි යයි. වෙනත් සතුන් ගින්නට බියෙන් අනෙක් පසට දුවන විට දඩයක්කරුවන් එම සතුන් විවිධ ක්‍රමවලින් දඩයම් කර ගනියි. මේ වනාන්තර ගිනි තියන්නන් ඇල්ලීමට දැඩි පියවර ගත යුතුය. මොවුන් මේ කරන පරිසර විනාශය සුළුපටු නොවේ.

:       0       223

විජිත්Thursday, 09 July 2020 03:08 PM

සමිත, මේවගේ රැම්සා භූමි 5 යි අපේ රටටම තියෙන්නේ... මේ භුමිය, මාදු ගඟ, වන්කලායි, කුමන සහ විල්පත්තු... උස ගස් වැවෙන්නේ නැති නිසා ලොකු පඳුරු අතරේ ගැවසෙන චූටි සත්වයින් රාශියක් මියගියාලු පසුගිය අවුරුද්දේ ගින්නෙන්... නූගත්කම නිසා නොදැනුවත්වීමත්, දුප්පත්කමත් මේ වගේ මහා පරිසර විනාශයන් කිරීමට යොමුකරනවා.

:       0       223

පූජාThursday, 09 July 2020 03:34 PM

බොහෝ බිය සතෙකු වන හාවා, ඇවිලෙන ගින්නට බයේ ගහක් මුලට වී ගුලි ගැසී සිටියි. අහිංසක බවේ ප්‍රතිමූර්තිය.. මීට වඩා කුමක් කියන්නද..? අහිංසකයින් කොහෙත් තැලෙති. පොඩිවෙති.

:       0       223

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 09 July 2020 05:31 PM

විජිත්, පූජා, අපේ රට නම් මහ පුදුම මිනිසුන් ඉන්නා රටක්.. මේ විදිහට කැලෑ ගිනි තිබ්බාම පරිසරයට මොකද වෙන්නේ...? හිත්පිත් නැති මිනිස්සු...

:       0       223

විජිත්Friday, 10 July 2020 03:49 PM

ඔව් සමිත ඔබ හරි, ඔක්සිජන් කන්නද කියලා ඇහුව මිනිස්සු ඉන්න රටක් මේ ශ්‍රී ලංකාව කියන්නේ. කියන්න ලැජ්ජයි ඔය ඔක්සිජන් කතාව කිව්වේ මගේ උපන්ගමේ මීගමුවේ මනුස්සයෙක්ලු. නූගත්කම, නැති බැරිකම - දුප්පත්කම හමුවේ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ පලාගිහින්. තිරිසනුන්ටත් අන්ත ජරා වැඩකරන මිනිස්සු අනන්තයි. මේ යන විදිහටම ගියොත් තව අවුරුදු 15 න් විතර ශ්‍රී ලංකාව කාන්තාරයක් වේවි... දියුණු රටක පරිසර ඇමතිකම දෙන්නේ පරිසර සංරක්ෂණය පිළිබඳ උගතෙකුට. ඔවුන් පරිසරය පණවගේ අරක්ෂා කරනවා. ඒකටත් එක්ක අපේ රටේ.. කාලකන්නි ටිකක්නේ ඉන්නේ. මේ රටේ වැඩිහිටි අයගෙන් බහුතරයක් වහල් මානසිකත්වයක් තියෙන අය. ඒ නිසා ඒ අයගෙන් රටට සෙතක් වෙන්නේ නැහැ. අපි කුඩා දරුවන්ට උදව්කරන්න ඕනෑ අනාගතයේ හොඳ පුරවැසියන් වෙන්නට.

:       0       47

කමනි Thursday, 09 July 2020 10:33 AM

හරිම සීතලයි.

:       9       33

පූජා Thursday, 09 July 2020 11:03 AM

කමනිට සීතලයිලු.. මගේ හිත ගිනිඅරන් ඉන්නේ. මගේ හිතට සිසිල් පැන් ටිකක්වත් කරන්න ඔබ එන්න. ඇයි තරහවෙලා..?

:       0       423

සන්තුෂ් කුට්ටිගල Thursday, 09 July 2020 12:39 PM

සමිත සේනක අලුත්ගේ, ඔබ වැරදියි. ඒ අය කැලේ ගිනි තියන්නේ ඉඩම් අල්ලා ගන්න...

:       47       24

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 09 July 2020 05:24 PM

සන්තුෂ් මහතා, වනය අල්ලාගැනීමට ගිනි තබන්නේ මේ වගේ අවස්ථාවක නොවේ. මෙය අභය භූමියක්. ඒවායෙහි වවන්න බොහෝ විට ඉඩ ලැබෙන්නේ නැහැ. රක්ෂිතයක නම් බොහෝ විට එසේ වනවා. ඔබ කියන දේ හරි.. සමහරුන් වවන්න එසේ කරනවා. එහෙත් මෙහිදී කොට ඇත්තේ සතුන් දඩයම පමණයි.. මොකද මෙය අභය භූමියක් නිසා...

:       1       166

විජිත් Thursday, 09 July 2020 12:45 PM

මගෙ හිසත් ගිනි අරන් දැවෙනවා.. ඇවිලෙනවා...

:       0       423

lalithm Friday, 10 July 2020 02:37 AM

හාවා බියගුළුයි. නමුත් විනාශකාරී සතෙක්... ඊට වඩා නරකයි ඉත්තෑවා... දරුණු විනාශකාරයෙක්... පොල්පැල වගේ සහමුලින් විනාශ කරනවා.

:       28       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 117 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site