(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
ආනයනික සුදු සීනි ,පරිප්පු, තිරිඟු පිටි තොග මිල අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති .
ඒ අනුව සුදුසීනි කිලෝවක තොග මිල රුපියල් 300 සිට 265 දක්වා ද , තිරිඟු පිටි කිලෝවක් රුපියල් 190සිට175 දක්වා සහ පරිප්පු කිලෝවක් රුපියල් 350 සිට 285 දක්වාද අඩුකර ඇතැයි ඔවුහු පවසති .
මේ වන විට අවශ්‍ය තරම් සුදු සීනි, තිරිඟු පිටි සහ පරිප්පු තොග තමන් සතුව පවතින බවත් එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු බාධකයකින් තොරව එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකි බවත් ආනයනකරුවෝ කියා සිටි .
මේ අතර සුදු සීනි , පරිප්පු සහ තිරිඟු පිටි තොග මිල අඩුවී තිබුණද ඇතැම් සුපිරි වෙළඳසැල්වල සහ සිල්ලර වෙළඳසැල්වල එම භාණ්ඩවල මිල අඩුවී නැතයිද වාර්තාවේ .
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයනික ආහාර ද්‍රව්‍ය තුනත තොග මිල පහළට
ravin Thursday, 14 March 2024 11:41 AM
බොරු සෝබන නැතිව යථාර්ථය දකිමු. පොදු ජනයා අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය අවමයි. මුදල් නොමැතිව භාණ්ඩ මිලදීගත නොහැකිය. අධික ලාභ තබාගෙන විකිණූ භාණ්ඩ මිල අඩුකර හෝ මුදල් කරගත යුතුය. තිත්ත ඇත්ත ඕකයි.