IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්

 

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් අද (03) ගොනු කළේය.

රේණුක පෙරේරා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය ඇතුළු තිදෙනෙක් නම් කර ඇත.

නීතිඥ සජුනි සෙනවිරත්න මහත්මිය මඟින් පෙත්සම ගොනුකරන රේණුක පෙරේරා මහතා 2024 දෙසැම්බර් 10 වැනිදා ආනන්ද විජේපාල මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත් කළ බවත් පසුව 2024 දෙසැම්බර් 18 වැනිදා ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් පත් කළ බවත් සඳහන් කළේය.

ආනන්ද විජේපාල මහතා ජනාධිපති ලේකම්කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් රජය සමඟ විවිධ ගිවිසුම් වලට එළඹීමට සිදුවන හෙයින් එම තත්වය යටතේ ගිවිසුම් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට හැකියාව ලැබෙන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය සේවයේ තනතුරක් දැරිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ සඳහන් බවද මේ අනුව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම ව්‍යස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවද සඳහන් කර ඇත.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සහ ස්වරිහාවය  උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙන පෙත්සම්කරු වගඋත්තරකරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයිද ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කරන රිට් ආඥවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.

වගඋත්තරකරුට අමාත්‍යධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඔහුට දඩයක් නියම කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු පෙත්සම විභාග කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.



අදහස් (2)

ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්

pradeep Monday, 03 February 2025 04:12 PM

ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂයේ ඉන්න පල් හොරු මිනිමරුවෝ පක්ෂයෙන් ඉවත් කරලා ඉන්න

:       7       5

Nishan Tuesday, 04 February 2025 03:41 AM

කයිවාරු ගහන්නේ නම් එයාලට වැඩිය සුද්දවන්තයෝ මේ මිහිපිට කොහේවත් නෑ කියලා. මෙහෙම අයට රටේ පොලීසිය බාර දෙන්න හොඳ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site