ශ්රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකර විසිර යාමේ පෙළපාලිය පූනෑව, ශ්‍රී ලංකා නාවික හමුදා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි.
මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක් කිරීම සඳහා කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණු අතර, එහිදී 233 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා ලෙස ආධුනික නැවි එච්.ඩබ්.එස් මධුසංක නාවිකයා විසින් කුසලාන හිමි කර ගන්නා ලදී.
සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා ලෙස ආධුනික නැවි එම්. කේ අකලංක නාවිකයා කුසලාන හිමිකර ගත් අතර, ආධුනික නැවි එම්.පී.කේ.ඩබ් වික්‍රමසිංහ නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමිකර ගත්තේය.
මීට අමතරව ආධුනික නැවි ඩී.එම්.ජේ.ජී ප්‍රසාද් නාවිකයා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය හිමිකරගත් අතර, 232 වැනි බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘පැරකුම්බා’ අංශය හිමි කර කර ගත්තේය.
ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතා සහභාගී වු අතර උතුරු මැද විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල , ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ අණදෙන නිලධාරි සහ ආඥාපති, කපිතාන් (ජලමාන) අශෝක විජේසිරිවර්ධන යන මහත්වරු ඇතුලු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජේHෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් රැසක්ද, යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන්, වව්නියාව දිස්ත්‍රික් අතිරේක ලේකම්, ටී. තිරේස්කුමාර් මහතා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.
(36698)




(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආධුනික නාවිකයෝ 376 දෙනෙකු විසිර යති
Kumar (Gulf) Wednesday, 28 November 2018 02:38 PM
රට බේරාගත් අපේ නාවික හමුදාවට උත්තමාචාරය...