(අංජුල මහික වීරරත්න)
විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මඟින් විදේශ ණය ගැනීම් කළමනාකරණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි ආවරණය වන බැවින්, 1957 අංක 29 දරන විදේශීය ණය පනත සහ එම පනතට සිදු කරන ලද සියලු සංශෝධනයන් අවලංගු කළ යුතුව ඇතැයි රජය පවසයි.
ඒ සඳහා 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දී තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද විදේශීය ණය (අහෝසි කිරීම) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.
ඒ අනුව, එකී පළාත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආදි කාලේ විදෙස් ණය පනත අවලංගු කරයි