
(බිඟුන් මේනක ගමගේ)
ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ‘ලංකාදීප’ යට ඊයේ(13) පැවැසීය.
ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන්නේ යැයි එම නිලධාරිනිය කීවාය.
අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැඳී සිටින්නේ යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ලෝක බලවතුන්, ධනවතුන් සහ දේශපාලකයන් ඇතුළු පුද්ගලයන් විසින් සිදුකෙරුණු බදු පැහැරහැරීම්, අයථා ධනය රැස්කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය මෙසේ පැන්ඩෝරා ලියැවිලි නමින් අනාවරණයට පත් වූ අතර දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලාංකිකයකු වන තිරුකුමාර් නඬේෂන් හා ඔහුගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂගේ තොරතුරු ද ඒ අතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන්ඩෝරා හෙළිදරව් කිරීම් බොරු බවට ප්‍රකාශයට පත්කරන්න මෙයාලට පුළුවන්. එහෙව් හැකියාවෙන් පිරිච්ච නිලධාරීන් මේවායේ ඉන්නේ.
පැන්ඩෝරා පෙපර්ස් බොරු කරන්න නම් බැහැ මෙගොල්ලන්ට ඒ උනාට නිරූපමා රාජපක්ශයි තිරු නඩේශන් කියලයි දෙන්නෙක් නම් නැහැ කියල ඔප්පු කරයි.
මේ හාදයෝ ඉඳලා හිටලා ඔය හාල්මැස්සෝ ටිකක් කලාතුරකින් ඔය අලගොඩුවෙක් වගේ මාළු ටිකක් ඕනිනම් අල්ලලා ඇති. ඒත් මේ වගේ තෝරු මෝරු නම් මේ සම්මජ්ජාතියේ අල්ලනවා නම් නෙමෙයි මම නම් කියන්නේ. ඕවා හොයන්න කියලා රට සවාරිත් ගහලා එවි. අන්තිමේදී කියාවි පට්ටපල් බොරුනෙ මේ පැන්ඩෝරා කියලා තියෙන්නේ කියාලා.
ඔබ සියළු දෙනාම යුතුකම් හොඳින් ඉටු කරන්න!
මෙම දෙපාර්තුමේන්තුවේ උසස් යයි කියනා නිලධාරීන්ට අප මෙසේ කීමට කැමැත්තෙමු. ඔය කියන "වංචාකාරයන් නොව උන්ගේ ඇට ගෙම්බෙක්වත්" ඔහෙලාට අල්ල ගන්න බැරි බව ස්ථිරය. එබැවින් නිකන් බොරුවට මහජන මුදල් නාස්තිකරමින් කාලය කා දමන්නේ නැතිව රට වෙනුවෙන් කල හැකි යමක් තිබේනම් නිකන් පුටු රත්කරකර ඉන්නේ නැතිව ඒ දෙය කරන ලෙස මහජන මුදලින් වැටුප් ගන්නා මේ නිලධාරීන්ට කීමට කැමැත්තෙමු.
අපේ මේ දරුවන්ට රටක් ඉතුරුවෙන්නේ කොන්ද පන තියෙන රජයේ නිලධාරීන් හිටියොත් පමණයි.
මේගැන සොයන්න නියම සුදුස්සෝ මේගොල්ලෝ.
ආ ....පුටු රත් කිරීම මොහොතකට අමතක කර සියලු දේශපාලුවන් ගැන පොඩ්ඩක් විපරම් කලොත් පැන්ඩෝරා පත්‍රිකා වගේ දස දහසක්වත් අඩුම තරමේ හොයා ගතහැකි වේවි .දුවන්නෙම වෙළඳාමක් කර කීයක් හරි හොයාගන්න සාමාන්‍ය මිනිස්සුන් පස්සේ
ටෝච් එලියක් ගහලා හොය හොයා ඉන්න. අල්ලන්න එපා මොකද ඇල්ලුවොත් කොමසාරිස් හොරා කියලා ගෙදර යවයි පැන්ශන් එකත් නැතුව.
ආදායම් බදු කාර්යාලයෙන් ඒ ගැන හොයන්න පටන් ගත්තේ පැන්ඩෝරා පේපර්ස් ඉදිරිපත් කළ මාධ්‍යවේදීන් කෙවිටි කිරීමෙන් පසුව නේද ? ඒ ගැන මේ රටේ සෙවීම ගැන ජනතා ප්‍රසාදයක් ඇති වෙන එකක් නැහැ.එයට හේතු කිවයුතු නැත.ඉදිරියේදී තවත් පැන්ඩෝරා පේපර්ස් ඉදිරිපත් කිරීම සිදුවේවි.මේවා ගැන සොයා ගැනීම කළයුතු වන්නේ ජාත්‍යන්තර අධිකරණයේ සාක්ෂි සහිතව සිදු කරනු ලබන විමර්ශන වලදීයි.ඒ අයගේ කටයුත්ත ඒ අයට කරගන්නට ඉඩදී,මේ රටේ දේ ගැන දේශපාලන බවෙන් තොරව මධ්‍යස්ථව සොයා බලන්න.එවිට ජනතාව නිසි ලෙස තොරතුරු ලබාදේවි.
අපේ ආදායම් බදු කාර්යාලය මේකට අතගහනවා දැක්කොත් මුළු ලෝකෙම හෙල්ලෙයි.