IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආතතිය කට්ටිය වැඩි වෙලා

(සුජිත් හේවාජුලිගේ)

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවූ මානසික ගැටළු (ආතතීන්ට) වලට ප්‍රතිකාර ගැනීම සඳහා මානසික වෛද්‍යවරුන් හමුවට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවැසීය.

එසේම සායනවලට පැමිණෙන එවැනි රෝගීන් සංඛ්‍යාවද දෙගුණයකින් වැඩිවී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා ආර්ථික පීඩනය සහ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවය යනාදී කාරණා මෙම ආතති තත්වයන්ට ප්‍රධාන හේතුව බවද සඳහන් කළේය.

තම දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව, තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු බිඳවැටීම, ඉගෙන ගත්තත් හොඳින් ජීවත් විය නොහැකිවේ යැයි යන සෘණාත්මක අවිනිශ්චිත මනෝභාවයන් , දරුවන් විදේශ ගත කිරීම සඳහා මුදල් සොයා ගැනීමට දරන උත්සාහයන් අසාර්ථක වීම, දරුවන් විදේශයන්ට යැවීමෙන් තමන් තනි වේ යැයි යන සිතුවිලි යනාදිය මෙම මානසික පීඩනයන්ට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවත් මෙම ආතති වර්ධනයවීමෙන් විශාදය වැනි රෝග තත්වයන් පවා මතු විය හැකි බවත් රූමි රූබන් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

ආතතිය කට්ටිය වැඩි වෙලා

Chaminda Kalugamage Saturday, 12 August 2023 12:40 PM

ඉන්න හිතෙන රටක්....?

:       0       17

pakeer Saturday, 12 August 2023 01:16 PM

ඒක සම්පූර්ණ ඇත්ත... මම දන්න හුඟ දෙනෙක් මහ රෑ නැගිටලා ඇඳේ වාඩිවෙලා කල්පනා කරලා, වමනේ දාලා, ඔලුව රිදෙනවා කියනවා. කල්පනා කරලා .... මහින්දලාගේ, චන්ද්‍රිකාගේ, රනිල්ගේ, ප්‍රේමදාසගේ, ජේ.ආර්ගේ, බණ්ඩාරනායකගේ, DS ගේ අම්මලාව නිතරම අපි මතක් කරනවා.

:       1       23

Nimesh Saturday, 12 August 2023 02:47 PM

ඔය ප්‍රශ්න මුකුත් නැත්තේ රාජපක්ෂ පවුලටයි රනිල්ටයි විතරයි.

:       0       14

කිරිපුතා Saturday, 12 August 2023 03:29 PM

දියුණු යැයි කියන සහ අපි යන්න දඟලන රටවලත් මානසික විශාධිය බහුලයි. ලෝකෙ කොහේ හිටියත් ප්‍රශ්න නැතිව ජීවත් විය නොහැක. කැප කිරීම්, වෙහෙස වීම් සහ ඉවසීම ඇතිව තමන්ට හොඳින් ජීවත් වීමට තවම පරිසරය ඇත. දේශපාලනය බදාගෙන එක එකා⁣ට වෛර කරනවා වෙනුවට තමන්ගෙන් රටටත්, රටෙත් තමන්ටත් විය යුතු දේ ගැන සිතා ජීවත් විය යුතුයි. ඉපදීම සිදුවන තුරු ප්‍රශ්න වලින් මිදිය නොහැක.

:       0       0

Gunathilake Saturday, 12 August 2023 04:08 PM

ලෝකයේ මානසික පීඩනය වැඩිම රට ශ්‍රී ලංකාව, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානයත් අපිට පහළින්. ආසියාවේ ආශ්චර්යය

:       0       0

විජේතුංග Saturday, 12 August 2023 04:10 PM

දියවන්නාවේ පිස්සෝ ටික පිස්සන් කොටුවට දැම්මා නම් අපේත් හිත් නිදහස්..!

:       0       0

namal Sunday, 13 August 2023 09:56 AM

ජනතාව මේ තත්වයට පත්කරපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා ! දෙවියන්ගේ ශාපය අත්වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා ..! බලු රාජපක්ෂ පවුලට කඩේයන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්.., ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site