
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව බලාපොරොත්තු වූ සංචාරකයන් ප්‍රමාණය මේ අවුරුද්දේ දී ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.
වර්තමාන සංචාරක කර්මාන්තයට නිසි තැනක් ලැබී තිබේදැයි ප්‍රශ්නයක් තිබෙනවා.මේ වසරේ සංචාරකයන් මිලියන තුනක් අප රටට ගෙන්වීමට ආණ්ඩුවට ඉලක්කයක් තිබුණත් අද වන විට සංචාරකයන් පැමිණ තිබෙන්නේ මිලියන 1.9ක් පමණයි.
මේ ඉලක්කය සපුරා ගන්නට නොහැකි වීමට කරුණු කීපයක් බලපා තිබෙනවා. ඕනෑම රටක සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම සඳහා සන්නාමකරණයක් ක්‍රියාත්මක වෙනවා.මේ අනුව රටවල්වල සංචාරක කර්මාන්තය දෙගුණ,තෙගුණ කිරීමට හැකි වුණා.එවැනි සංචාරක කැම්පේන් එකක් දියත් කිරීමට ලංකාව අසමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හෝටල් හිමියන් අප්‍රසාදය පළ කර තිබෙනවා.රටට වැඩිම විදේශ සංචාරකයන් එන්නේ නොවැම්බර්- දෙසැම්බර් මාස වල.මේ මාසයේ සංචාරකයන් 32000ක් පැමිණියත් මිලියන තුනක ඉලක්කය සපුරා ගන්නට නොහැකි වී තිබෙනවා.2018 වසරේ සංචාරකයන් මිලියන පහක් ලංකාවට ආවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
2025 නොවැම්බර් මස 17
20
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
866
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආණ්ඩුව හිතපු සංචාරකයො ආවෙ නෑ
ගමේ එකාලා Monday, 17 November 2025 04:33 PM
රටට යහපතක් වෙනවා නම් විපක්ෂයේ ඉන්න කුහකයෝ බලාගෙන ඉන්නෙ ඒවාට අකුල් හෙළන්නම තමා. තමුන්ගේ පියා බලයේ හිටපු කාලේ දේසපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු හැටිත් අපි නොදන්නවා නොවෙයි.
Neel Monday, 17 November 2025 04:49 PM
නායකයාගේ වගේම තමයි පක්ෂයේ අනෙක් අයගේත් මනස ලාමකයි. හන්තානට සුද්දෝ ආවේ නැතේයි, මහ බැන්කුව පිරී ඉතිරිලා ගිලිල්ලා තියේන්නේ. බොරු නම් හර්ෂගේන් අහන්නකෝ...