(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බවත් දිගින් දිගටම කෙනෙහිලිකම් සිදුවන්නේ නම් ඒ සියල්ල දරාගෙන ආණ්ඩුවට තනි රැකීමට සූදානම් නැති බවත් හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී ඇත.
ඔහු මෙසේ දැනුම්දී ඇත්තේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය. මේ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (29)පැවැත්විණ.
" මේ ජනාධිපතිතුමා,ආණ්ඩුව බලයට ගේන්න පොහොට්ටුව කරපු කැපවීම මම මෙතන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මුළු රටම දන්නවා. ඒත් සමහරුන්ට අද මේ කැපවීම අමතකයි. අපේ යෝජනා අපේ ප්‍රශ්න ගැන තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ. මේ විදියට දිගටම ගියොත් ආණ්ඩුවට පැවැත්මක් නැතිවෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා" යනුවෙන්ද දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර විමලවීර දිසානායක මන්ත්‍රීවරයා අද (30)කොළඹදී පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් "මේ ආණ්ඩුවෙත් අපි කියන දේවල් ගණන් නොගන්න උද්දච්ච පුබ්බඩ
ඇමැතිවරුත් ඉන්නවා" යැයි ප්‍රකාශ කළේය.
මෙහෙම අය එක්ක ගමනක් යන්නේ කෙසේදැයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළේය.
COMMENTS
බයියෝ පවු
මෙන්න මේවගේ අප්පුහමිලත් ඊළඟ චන්දෙදි ගෙදර තියන්න ඕනෑ . දුප්පත් කම් නිසා දුක්වින්ද කියා කියා යන වල බයිලා ඇරෙන්නට නිර්මාණශීලි යමක් කියන්න කරන්න හැකියාවක් නැති මිනිහෙක්. අපි දැක්කනේ අර වන ආරක්ෂක නිලධාරියට මෙය කත්කපරු හැටි . හීනමානයකින් පෙලෙන්නෙක්
මෙයත් එකයි .රජයත් එකයි .කයිවාරු මිසක් කල හැකි දෙයක් නැහැ
මොන කැප කිරීමක්ද ?ඒවාට පඩි ගෙවන්නේ .ගෝටා දුන්නා මෙයා ගත්තා .එච්චරයි .පඩි මදි නම් අයින් වෙන්න.එයාලා වෙන කෙනෙක් ගනීවි අඩු පඩියක් දීලා.
කැපවීමක් නැත , තමන්ගේ ගැලවීම හා ආරක්ෂාව පිණිස පත්කරන ලද අටවන ජනාධිපතිනේ ......
අපි දන්න විදියට මිනිසුන් පාලමක් නැති ගඟකින් එගොඩ වෙන්න පාරුවක් පාච්චි කළාට එගොඩ වුනාට පස්සෙ ඒ පාරුව කරගහගෙන යන සිරිතක් නැහැ. තමුන්නාන්සේලාගේ ඔය මහ ලොකු ආණ්ඩුවට පැවැත්මක් නැතිවුණා කියල ජනාධිපතිතුමාට පැවැත්මක් නැති වෙන්නෙ නැහැ. මොකද දැන් එතුමාට පාරුව අවශ්‍ය නැහැ.
දේශපාලන පුවත් වලට වෙන් කල අවකාශය සෞඛ්‍ය පුවතකට වෙන් කලා නම් රට නිරෝගී වෙයි.
මේ වගේ එවුන්ව ඇමතිලා කලොත් ලංකාවට පැවැත්මක් නැහැ.
බිරිඳව රැකගෙන ගෙදර හිටුකෝ
කතාව දෝලාවෙන් .ගමන දෙපයින්
ඔහේලා වගේ අවස්ථාවාදීන්ට ඡන්දෙ දෙන ඡන්ද දායකයෝ ගැන හිතාගන්න පුළුවන්.
කියන්නා කෙසේ කීවත් අසන්නා ඉතා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි
ඕවා නෙමෙයි යකෝ ජනතාවගේ ප්‍රශ්න ගැන බලපල්ලා .උඹලාගේ ඔය ප්‍රශ්න අපිට මොකටද?ඕවා ජනතාවට වැඩක් නැහැ