(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය සේවය තිස් අවුරුදු යුද සමයේ ද මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බවත් නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (31) පැවසීය.
රජයේ රෝහල්වල ක්‍රියාපිළිවෙත පිළිබඳව මහජනතාව තුළ සැකයක් මතු වී විශ්වාසනීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රෝහල්වල ඖෂධ හිගය නිසා රෝගී ජීවිත අවදානමකට ලක්වී ඇති බව ද සඳහන් කළේය.
ජනතාවගේ මිනී උඩින් හෝ සාක්කු පුරවා ගැනීමේ ක්‍රියාවලියක් ඇත්තේ යැයි විගණනාධිපති වාර්තාවලින් මනාව හෙළි වන බව කී මහාචාර්යවරයා වෛද්‍යවරු රට හැර යෑම හේතුවෙන් රෝහල් වැසී යාමේ අවදානමක් ඇති බව කීය.
නිදහස් සෞඛ්‍යය මේ වන විට නාමමාත්‍රයක් බවට පත්ව ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ එක තැන පල්වෙන වර්තමාන ආණ්ඩුව පලවා හැරීමට සියලු දෙනා පෙළගැසිය යුතු බවත්ය.
තරිඳු උඩුවරගෙදර මාධ්‍යවේදීයා අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුල් සහගත බවත් ‘අස්වැසුම’ යනු රජයේ ප්‍රෝඩාවක් මෙන්ම කිසිදු විනිවිදභාවයකින් තොර වැඩසටහනක් බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ හැසිරීමෙන් ජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට