IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පයින් ගහනවා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පයින් ගසා නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කරන බවත් පාර්ලිමේන්තු පනතක් මූලික අයිතිවාසිකම් සමඟ ගැටෙන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් හිමිවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය  ජී. එල්. පීරිස් මහතා කොළඹ පැවති මාධ්‍ය  හමුවකදී අද (18) එසේ පැවසීය.

කථානායකවරයා නිර්පාක්ෂික පුද්ගලයෙක් වියයුතු වුවත් වත්මන් කතානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කී පීරිස් මහතා කතානායකවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ අභිමතාර්ථය පදනම් කරගෙන විපක්ෂය ගෙන ආ බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු ඉදිරිපත් කරන යම් පනතක් මානව හිමිකම් සමග ගැටෙනවා නම් එම පනත් සඳහා සංශෝධන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවන බවත් මහජන අවශ්‍යතා රජයකට සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවලදී එයට විරුද්ධව නැගී සිටීමට මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය හිමිවන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

යෝජිත පනතකට නිර්දේශ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට දැන්වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන නිර්දේශ සහ යෝජනා අනිවාර්යෙන්ම රජය පිළිගත යුතු බවත් මෑතකදී ඉදිරිපත් කළ මාර්ගගත ආරක්ෂණ පනතින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළ බවත් ඒ මහතා කීය. 



අදහස් (2)

ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පයින් ගහනවා

ගමේ එකාලා Monday, 18 March 2024 03:15 PM

තමුන් එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් දරපු කාලේ ඔය කිසිදෙයක් තේරුම් ගත්තේ නැති එකනේ පුදුමේ?

:       0       17

nimal Monday, 18 March 2024 05:05 PM

ආයුබෝවන් පීරිස් මහතා ඔබ බලයේ සිටියදී ශිරාණි බණ්ඩාරනායක මහත්මියට කළ දේ අමතක කරන්න එපා. දේශපාලනයෙන් විශ්‍රාම ගෙන තරුණයින්ට අවස්ථාව ලබාදීමට සුදුසුම කාලය මෙයයි. ආගමික වැඩ ටිකක් කරලා ස්වර්ගයට යන්න ලෑස්ති වෙන්න. ස්තුතියි, කල්තියාම...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 341 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site