IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැති කරනවා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැතිකර ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (31) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

රටක නීතියේ ආධිපත්‍යය තිබේ නිදහසේ කටයුතු කිරීමට කිසිවෙකුට බාධා කළ නොහැකි බවත් නීතියේ අධිපත්‍යය නැතිකළ හොත් එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතාවට අහිමිවන බවත් ඒ මහතා කීය.

එය ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ නිදහස වැඳගත්ම සාධකයක් බවත් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ, කැමති රැකියාවක් කිරීමේ අයිතියි, කැමති ආගමක් ඇඳහීමේ ආදි නිදහසේ අවශ්‍ය කටයුතු කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක සහතික කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසීය කියන ආයතන තුන මෙරට තුළ නීතියේ ආධිපත්‍ය රැකගැනීම සඳහා කටයුතු කරන බවත් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවේ සිටි විශ්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙක් පොලිසිය භාර ලේකම්වරයා සහ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස පත්කර ශ්‍රී ලංකා පොලිසිය අභිමානයෙන් තොර තැනක් බවට පත්කර පොලිසිය දේශපාලනීකරණය කර ඇති බවත් ඔහු කීය.

ස්වාධීන පොලිස් කොමිසමේ අනවශ්‍ය දේශපාලන මාරුකි්රීම් කර දේශපාලන බලපෑම් කරමින් අභිමාන බිඳදමමින් තිබෙන බවත් නීතිපති දෙපාර්තමේකන්තුවට බලපෑම් කරන ආකාරය පසුගිය කාලය දැකගතහැකි වූ බවත් කාරියවසම් මහතා පැවසීය.

අධිකරණයට කෙළින්ම පහර දීමට නොහැකි නිසා දේශපාලනයේදී යොදාගත් පුද්ගලයා හරහා ජනතාව ගරු කරන විනිශ්චයකාරවරුන්ට සමාජ මධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් එම ප්‍රහාරයන් හේතුවෙන්ම විනිශ්චකාරවරයෙක් පසුගියදා නඩුවකින් ඉවත්වූ බවත් ඒ මහතා කීය.  

නීතියේ ආධිපති්‍ය නැති රටකට විදේශ ආයෝජකයන් කිසිසේත්ම නොපැමිණෙන බවත් රටේ වර්තමාන භායානක තත්වය වෙනස් නොකළ හොත් ආයෝජකයන් නොයෙන බවත් ඔහු සඳහන් කළේය.  

ආණ්ඩුවට වැඩියෙන්ම බනින මිනිහා ඊළඟට අත්අඩංගුවට ගන්නේ යැයි මන්ත්‍රීවරයෙක් පැහැදිළිව ප්‍රකාශ කළ බවත් එම තර්ජනය ඔවුන්ගේ මර්ධනයේ සෘජු ප්‍රතිඵලයක් බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව මේ ආකාරයටම ජනමාධ්‍ය මර්ධනය කිරීමට කරන උත්සහයේදී පසුගිය කාලයේ රූපවාහිනී නාලිකාවලට සහ පුවත්පත්වලට තර්ජනය කළ ආකාරය දැකගත හැකිවූ බව කී ඒ මහතා ආණ්ඩුවක් හැටියට වැඩකිරීමට නොහැකි වූ විට විවේචනය කරන අයගේ කටවල් වසා ජනතාවගේ ඡන්දය ගැනීමට උත්සහ කරන බව ද සඳහන් කළේය.

අප්‍රේල් මස 21 ට පෙර කීපදෙනෙක් අත්අඩංගුවට ගන්නවා යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය විහිළුසහගත බවත් එක එක පුද්ගලයන් හිරේ දාන්න නැකත් බලනවද? අවුරුදු කෑවට පසුව හිරේ දානවද කියන එක නොව ආණ්ඩු බලය තිබියදී කිය කිය සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කාරියවසම් මහතා පැවසීය.

විධායක බලය ඇති ජනාධිපතිවරයෙක්ට එවැනි ප්‍රකාශ කිරීම කිසිසෛ්ත්ම සුදුසු නොවන බව කී කාරියවසම් මහතා පැවසුවේ කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්විය යුත්තේ නීතියට අනුව මිසක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කිරීම ඉතාම තුන්වැනි පංතියේ ක්‍රියාවක් බව ද සඳහන් කළේය.

වර්තමාන ආණ්ඩුව ජනතාව රැවැට්ටුවේ යැයි ජනතාව මේ වන විට තේරුම් ගෙන තිබීම නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් බොරු කියා තෙවැනි වතාවටත් ජනතාව රැවටීමට සූදානම් වන බවත් මෙරට සමහර ප්‍රදේශවල පන්සලේ හාමුදුරුවන්ට ධාන වේලක් දීමට නොහැකි තත්වයක් උද්ගත වෙමින් ඇති බවත් ඔහු පැවසීය.

වර්තමාන ආණ්ඩුවට බලයට ඒමට බෙදුම්වාදීන් උදව් කළේ යැයි ජනතාව අවබෝධකරගත යුතු බව කී කාරියවසම් මහතා බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව කටයුතු කරන බව ද සඳහන් කළේය.  

ජනතාව එළඹෙන පළාත් පාලන ඡන්දයේදී එකම බොරුවට රැවටේ යැයි විශ්වාස නොකරන බව ද ඔහු සඳහන් කළේය. 



අදහස් (15)

ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍යය නැති කරනවා

Bb Monday, 31 March 2025 03:57 PM

දැන් බුරන්න පටන් අරන්...

:       3       33

මැක්ස් Monday, 31 March 2025 03:59 PM

L බෝඩ් කාරයෝ රංචුවක්, තුනෙන් දෙකේ බලයකුත් එක්ක "රට පාලනය කරනවා" යයි හිතා ගෙන මොන මොනවා හෝ කරන කොට එහෙම තමයි. හැබැයි මේ බොරුකාරයින්ට මෙතරම් පාර්ලිමේන්තු බලයක් ලැබෙන්නට ඔබ ඇතුළු සමස්ත වර්තමාන විපක්ෂය ද වගකිව යුතුයි...

:       30       10

Rata PerataMonday, 31 March 2025 05:22 PM

ඒ මිනිහා විතරක් නෙවෙයි, ඔබ වගේ අයගේ දායකත්වයත් අගය කළ යුතුයි.

:       0       7

Dinesh Monday, 31 March 2025 04:01 PM

නිකමට අහන්නේ, ඔන්ලයින් පනත ගෙනාවේ කව්ද?

:       2       14

රනේ Monday, 31 March 2025 04:09 PM

වෙලාවකට ඔයා කියන ඒවා පිළිගන්නත් හිතෙනවා නිකං විහිළුවට වගේ... ඇත්තමයි..

:       2       11

කපුරු හාමි Monday, 31 March 2025 04:16 PM

රටේ යුක්තිය, නීතීය, සාධාරණය නැති කරලා අධිකරණය පවා දේශපාලනීකරණය කරපු කාලේ තමුන්ට අමතක වෙලා? සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු, කැළෑනීතිය රජ කෙරුවේ. මහ දවාලේ අධිආරක්ෂිත කලාපයක් තුළ මාධ්‍යවේදීන් ඝාතනය කෙරුවා. දූෂිත දේශපාලුවන්ට එක නීතීයක්, රටේ සාමාන්‍ය ජනතාවට වෙනම නීතීයක් තිබුණේ...

:       2       21

අරුණ Monday, 31 March 2025 04:17 PM

අප්පේ ඔව්, පොහොට්ටුවේ මාර විදිහට නීතිය රැකපු අයනේ... කුණුහරුප කියන්න එපා සාගර...!

:       2       30

Neel Monday, 31 March 2025 04:20 PM

මේ තවත් දේශපාලන අනාථයෙක්. පළමුවෙන්ම මේ ගොල්ලන්ව පුනරුත්ථාපනය කර සමාජගත කරන්න.

:       5       37

Jagath Leanage Monday, 31 March 2025 04:22 PM

කට තිබ්බ පමණින් ගොන් කතා කියන්න එපා සාගර...

:       2       25

sachith Monday, 31 March 2025 04:22 PM

සමහර කතා තියෙනවා කියන කෙනා දැක්කාම හිනායන... මේකත් ඒක තමයි.

:       2       22

සෑම් Monday, 31 March 2025 05:17 PM

සාගර කාරියවසම් කවදත් කුඩු ගහලනේ මාධ්‍ය සාකච්ඡා තිබ්බේ. ඒ නිසා ඔය අසිහියෙන් කියන කථා අලුත් ඒවා නෙමෙයි...

:       2       24

කව්ද බෝයි Monday, 31 March 2025 05:50 PM

අර හිටපු අගවිනිසුරුවරිය ගෙදර ඇරියේ කොහොමද කියලා මතකද?

:       1       28

prasanna Monday, 31 March 2025 06:09 PM

මේ රට දැන් පාලනය කරන්නේ ත්‍රස්තවාදී කල්ලියක් විසින් බව ජනතාවට පැහැදිලිවම පේනවා.

:       30       2

kamal Tuesday, 01 April 2025 06:19 AM

මෝඩයෙක්

:       0       4

Perera Tuesday, 01 April 2025 06:27 AM

මුන්ගේ ආණ්ඩුව කාලේ කරපුවා ගැන කියවන්නේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site