
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරත වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
වෘත්තිය සමිතිවලට අවශ්‍යව ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමට බව ද වෘත්තිය සමිතිවල පදනම් විරහිත වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් විය හැකි බවද අමාත්‍යවරයා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කීවෙි ගම්පහ, සීදුව, නැගෙනහිර මූකලන්ගමුමෙි නව බහුකාර්‍ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුව රට ගොඩ ගන්න හදනවිට වෘත්තීය සමිති ආපස්සට අදිනවා
Rata Perata Sunday, 19 March 2023 01:13 PM
මේ කප්පම් කාරයින්ගෙන් කොමිස් අරගෙන ලියන කෙනෙක් වගේ... මොකද සතියට දෙපාරක් වත් මෙයාගේ කතාවක් දානවා.
ගම්සබා Sunday, 19 March 2023 01:13 PM
මෙතන තවත් හදන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ! අනිත් හොරු ටිකත් අරගෙන තොලොන්චි වෙලා පලයව් ! ! !
Prase Sunday, 19 March 2023 01:32 PM
අයියෝ රජය මොකටද වෘත්තීය සමිති වලට බයේ දඟලන්නේ. පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා අහෝසි කරලා දැම්ම නම් ඉවරයි. එහෙම බැරිනම් ජනතාවට තීරණය දෙන්න ඡන්දයක් තිබ්බ නම් ඉවරයි වෘත්තීය සමිති ඕනිද එපාද කියලා. බණ්ඩාරණායක කියන පුද්ගලයා තමයි ඔය වෘත්තීය සමිති නීතිය සම්මත කරලා රට කෑවේ.
Sunil Sunday, 19 March 2023 02:12 PM
මොනවද මේ කතා? ඉතාම හොඳින් තිබුණ රටක් මෙවන් මූසල තත්ත්වයට ඇද දැමුවේ කවුද?
fairoos Sunday, 19 March 2023 03:12 PM
මේ ආණ්ඩුව තමයි රට මේ තත්ත්වෙට පත්කරේ. උඹලට නම් හොඳක් සිද්ද වෙන්නෙ නෑ.
විපරමා Sunday, 19 March 2023 03:59 PM
දූෂිත පවුල් පාලනේ අය, වටේ ඉඳන් හොරාකාපු දූෂිත දේශපාලුවන් රටම හොරාකාලා කාබාසීනියා කෙරුවා. ගොඩගන්න රටක් ඉතුරුවෙලා තියෙනවාද? කප්පම්කාරයින් කියන දේවල් කවුද විශ්වාස කරන්නේ...?
ගමේ එකාලා Monday, 20 March 2023 03:40 AM
පවුල් පිටින් දේසපාලනෙන් හොරා කාලා බඩවඩා ගත්තු තමුන් වගේ දූෂිතයෝ රටම හොරාකාලා විනාශ කෙරුවා .උන් ඔක්කොම සදහටම සෙත්තපෝච්චි වෙලා ගිය දවසකට රටම ගොඩ .
මගී Monday, 20 March 2023 08:09 AM
ගොඩනැගිලි ජනතා අයිතියට පත් කරන්න දේශපාලන කබ්බෝ ඕනෙමද? ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වියදම ඒ කබ්බාගෙ ගානෙද?
Perera Monday, 20 March 2023 09:52 AM
එහෙනම් හොටු පෙර පෙර අන්ඩන්නෙ නැතුව වෘතීය සමිති සියල්ල තහනම් කරල දාන්නකො.