IMG-LOGO

ආණ්ඩුවට ඩලස්ගෙන් චෝදනාවක්

(ඩයනා උදයංගනී)

රජය තමන්ට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට රජය වෛරී ආකාරයෙන් සළකන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු කමිටු සඳහා සාමාජිකයන් පත්කිරීමේදී, තමා වෙත සෘජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තම පිළිකුල හා විරෝධය පළ කරන බවත්, ඩලස් අලහප්පෙරුම මහතා අගමැතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ දී, රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරවු කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනීසිටි බොහෝ දෙනෙකු මෙසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩණයට ගොදුරුව ඇතැයි ද එහි දැක්වේ.

ඩලස් අලහප්පෙරුම මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යොමු කර ඇති ලිපියේ මෙසේ ද සඳහන්ය.

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ දී, ජුලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී මා වෙත සෘජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කොට තිබේ. එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩණයට ගොදුරුව ඇති ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරවු කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනීසිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳව මාගේ කණගාටුව ද විරෝධය ද එයට උරුම වූ පිළිකුල ද පළමුවෙන්ම මම මෙසේ සටහන් කරමි.

කතානායකතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා පත්වීම් සිදු කිරීමේ දී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ මා ඉවත්කොට තිබීම අශීලාචාර වුව ද අසංස්කෘතික දේශපාලන පරිසරයක එය තේරුම් ගත හැකි කරුණකි. එහෙත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මා ගේ නම ස්ථිර කරනු ලැබූ මෙන්ම, මා මෙන්ම දිගු කාලයක් එම කමිටුව නියෝජනය කළ ජාත්‍යාන්තරය පිළිගත් බුද්ධිමතකු වන පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පිරීස් මැතිතුමා ඉවත් කිරීම මෙන්ම ජනාධිපතිවරණයේ දී මාගේ ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා සහ මාගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීන් දෙපළ ජාතික වගකීමක් සේ සලකා මහත් කැපවීමෙන් කටයුතු කළ ගිණුම් කාරක සභාවෙන් නෙරපා හැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්යයයේ මූලධර්මයන් ද උල්ලංඝනය කිරීමකි.

කතානායකවරයා විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ ද, ඉහත සඳහන් කප්පාදු කිරීම්වලට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපතිවරයා ලෙස දූෂණයන්ට එරෙහි අනම්‍ය පිළිවෙතක සිට කටයුතු කොට මහජන ගෞරවය ඉහළින් දිනාගත් මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම ද ආණ්ඩුවේ ලේඛනයෙන් උගුල්වා පාර්ලිමේන්තුව වෙත යොමු කොට ඇති බව ද, ඔහු මා නියෝජනය කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියකු ලෙස කටයුතු කළ බව ද ඔබතුමාට රහසක් නොවේ. එසේම, මෙම කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා ද මා ගේ සමීපතම ආධාරකරුවකු වීම හේතුවෙන් මෙහිදී ආණ්ඩුවේ උදහසට ලක්ව ඇත.

ගරු අගමැතිතුමනි, එක් අතකින් ගරු ජනාධිපතිවරයා විසින් රට ගොඩනැගීම සඳහා සියලු බේද පසෙකලා සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර අනෙක් අතට, ජනාධිපතිවරණයේ ඔහුගේ ප්‍රවර්ධන ප්‍රතිවාදියා ද, ඔහු ගේ සමීපතයන් ද මෙලෙස දඩයම් කිරීම තුළින් නැවත නැවතත් පිළිඹිබු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රී ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේ ද?

මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21 ට පෙර ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එමනිසා, ජනසම්මත වාදය සහ ලිච්ඡවී ප්‍රතිපත්ති පිළිබඳව උස් හඬින් කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සළකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ‘ජරාතන්ත්‍රවාදය’ ආදේශ කිරීමකියි යන මාගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි.

පාර්ලිමේන්තුව තුළ මිතුරන් සේ අතට අත දෙන බොහෝ දෙනා ගේ ඇඟිලිකරු අතර නිර්වස්ත්‍රව පෙනෙන කුහකකම පසුකාලීනව හෝ හඳුනාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එම සතුට අපට දිරිය, සවිය හා ආරක්ෂාව සපයන යෝධ බලයන් වනවාද ඒකාන්තය. එබැවින්, කුමන කෙණෙහිලිකම් මැද වුව ද අචලව අනාගතය දෙස පමණක් සුබවාදීව බැලීමට අපි ඒකමතිකව තීරණය කළෙමු. මෙම ලිපිය කිසකු ගේ සිත රිදවීමේ අරමුණින් හෝ අප කිසිවකු ගේ අහිමි කළ තනතුරු ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙස හෝ ඒ වෙනුවෙන් කරනු ලබන බැගෑපත්වීමක් ලෙස නොව වත්මන් දෙබිඩි පාලනයේ දෙබිඩි පිළිවෙතට එරෙහි “උණ්ඩයක්” ලෙස ඔබතුමා විසින් පිළිගනු ඇතැයි යන්න මා ගේ අවංක විශ්වාසයයි.

අවසාන වශයෙන්, මානව අයිතිවාසිකම් සහ පීඩනයන්ට එරෙහි සටනේ අද්විතීය චරිතයක් ලෙස ඔබතුමන් ගේ ද, මා ගේ ද නොමද ගෞරවයට පාත්‍ර වූ මාටින් ලූතර් කිං නම් ශ්‍රේෂ්ඨයා ගේ යුගාන්තරව නොමියෙන වචන කීපයකින් මෙම සටහන නිමා කරමි. “සතුරන් නිර්මාණය කිරීමට ඔබට යුද්ධයක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ ඔබගේ සිතුවිලි ඉදිරිපත් කිරීම පමණි.”

 



අදහස් (9)

ආණ්ඩුවට ඩලස්ගෙන් චෝදනාවක්

විපරමා Friday, 19 August 2022 03:48 PM

134 දෙනෙක් ඡන්දේ දීලා රනිල්ව ජනාධිපති කෙරුවේ ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගන්න මිසක් වෙන අහවල් දේකටද..?

:       103       45

Hafeel Friday, 19 August 2022 04:56 PM

එහෙම නම් ඇයි ජනාධිපති පුනපුනා කියන්නේ අපි සේරම එකතුවෙලා රට හදමු කියලා..?

:       25       23

Rohan perera Friday, 19 August 2022 05:16 PM

මේ ගොල්ලෝ පොහොට්ටුවේ සියලු වැරැදිවලට දායක වෙලා රට බංකොළොත් කරලා දැන් සුදනෝ වෙන්න හදනවා.

:       20       81

දාස Saturday, 20 August 2022 04:02 AM

තමුන් ගැන තමුන් දුක්වෙන්න ඕනෑ ඔයවගේ ප්‍රකාශ කරනවාට.., තමුන්ලා දායකවෙලා හදපු ශ්‍රිලංකා පාදඩ පාටියේ සංස්කෘතිය එයයි.. දැන් තමුන් බබා වෙන්න යනවා. තමුන් ප්‍රතිපත්තිගරුක මිනිහෙක් නම් තමුන් ඔය නරා වලෙන් ඈත් වෙන්න ඕනේ... තමුන්ලා කරන්නේ බොරු. තමුන්ලාගේ මුලු ඡීවිතයම බොරුවක්, වංචාවක්. තමුන්ලාට ඕනේ සැපගන්න.

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 August 2022 06:23 AM

ඒක ඇත්ත උනත් මෙතනටඅදල කරගන්න එපා, මේ අගමැති කියන්නෙ හිරිකිතයක් නැතිව රාජපක්ෂවරු වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්, එයාට ඕව කියල වැඩක් නැහැ . පුළුවන්නනම් ජාත්‍යන්තරයට කියල මේ ලෝකයට රවටන හැටි පෙන්නල දෙන්න. මේකෙ ප්‍රතිපලය රටටයි අහිතකර,

:       0       0

මැක්ස් Saturday, 20 August 2022 07:29 AM

ඔබේ ද වක්‍ර සහයෝගය ලද අරගලයේ ඇත්තන්ට මේ ටික කීවා නම් වඩා හොඳ නැද්ද? ඔවුන්ගේ වෛරී සහ නොමේරූ ක්‍රියාමාර්ග හරහා ජනතා ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු ඉවත් කිරීමට මඟ සැලසුවේ ඔවුන් නොවේද? ඔබ මෙහි සඳහන් කරන සියලු දක්ෂයින් ඒ ඒ තනතුරුවල ස්වාධීනව කටයුතු කළේ බලයෙන් ඉවත් කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඇතිව නොවේද? එමනිසා මෙම අරගලය විදෙස් රටවල සිට මෙහෙය වූ, ඊට මුදල් ආධාර සැපයූ බවට දැන් දැන් කරුණු හෙළි වන අය ගැනත් සොයාබලා ඔබට සුපුරුදු සාහිත්‍යමය වාග් කෝෂයෙන් ලිපියක් ලිව්වොත් නරකයිද?

:       0       0

Anura Nanayakkara Saturday, 20 August 2022 08:30 AM

ඩලස් සිහින ලෝකයක නොලැබුණු නායක කමක් ගැන දුක් අඳෝනා නගන බවක් පෙනෙනවා. ඩලස් හට නායකත්වයක් දරා පුරුද්දක් නොමැත.

:       1       58

Vithana Sunday, 21 August 2022 10:58 AM

ඩලස් සහ ජී.එල්. පීරිස් යන දෙන්නා රටට කරපු එක සේවයක් හරි කියන්න පුළුවන්ද කාටහරි.

:       0       51

fairoos Sunday, 21 August 2022 12:17 PM

අනිවාර්යයෙන්ම චන්දයකට යන්න ඕනේ.නැත්නම් රට තවත් බංකොලොත් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 150 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 107 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 213 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 17 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1174 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 708 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site