IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුවට ජනතාවට ආරක්ෂාව සපයන්න බෑ

(නිමල කොඩිතුවක්කු)

දවසේ පැය 24 ඇතුළත ඝාතන තුන හතරක් පිළිබඳ අහන්නට ලැබෙන බවත් දිනෙන් දින සිදුවන වෙඩි තැබීම් හේතුවෙන් ජනතාව විශාල  භීතියකට පත්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා කොළඹදී අද (22) පැවසීය.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ඝාතන රැල්ල නැවැත්වීම සඳහා ගත් පියවර කුමක්දැයි පොලීසිය භාර ඇමතිවරයාගෙන් විමසන බවත්  මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පුරවැසියන්ට ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව රට පුරා සිදුවන වෙඩි තැබීම් වලින් පෙනී යන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසීය.

දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවත් වීමට අවශ්‍ය ආරක්ෂාව හෝ තහවුරු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (0)

ආණ්ඩුවට ජනතාවට ආරක්ෂාව සපයන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site