IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘

(යොහාන් භාසුර)

ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්‍ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

ආණ්ඩුව 2024 අයවැයෙන් රුපියල් බිලියන 4.164 ක ආදායමක් අපේක්‍ෂා කළ ද ලැබිය හැක්කේ රුපියල් බිලියන 3,570 ක ආදායමක් පමණක් බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම හිඟයෙන් සියයට 61 ක් ‘වැට්’ බදු අධිතක්සේරුව නිසාත් ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්‍ෂක බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසා නිර්මාණය වී ඇති යැයි හදුනාගත් බවත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක පසුරාගැනීමට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ (2023) අයවැයෙන් අපේක්‍ෂා කළ ආදායම් ඉලක්කය ද සියයට 13 කින් අඩු වූ බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හෙළි කළ බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරයි.

‘ද ස්ටේට් ඔෆ් ද බජට්’ වාර්තාව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවක් වන අතර එම වාර්තාව ඡමඉකසජත්‍සබ්බජැගකන වෙබ් අඩවිය ඔස්සේ ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් කරයි.

 



අදහස් (3)

‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘

චිරන්ත Sunday, 21 April 2024 08:10 PM

එහෙනම් ඉතින් අයවැය පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගණනින් සම්මත කරන්න පුළුවන් වුණත් සත්‍ය තත්වය අයවැය පරාජයට පත්වීම කියලා කියන්න පුළුවන් කමක් නැද්ද එහෙම පුළුවන් නම් මොකක්ද කරන්න පුළුවන් කියලා කල්පනාවට ගන්න

:       0       0

Muthu Sunday, 21 April 2024 09:17 PM

ආර්ථික දේශපාලන රිසච් ගැන විශ්වාස කරන්න පුළුවන් එකම ආයතනය තමයි වෙරිටේ එක. ආර්ථික දත්ත විශ්ලේෂණය අතින් ඉතාම ඉහළයි. දේශපාලනිකව කාටවත් ගති නෑ. අපේ උගත්තු හුඟක් මේ දත්ත කොපි කරනවා.

:       2       0

ravin Monday, 22 April 2024 06:08 AM

රටේ ආර්ථිකය ශක්තිමත් නිසා නේද අර කට්ටියක් වාහන පර්මිට් ඉල්ලලා දඟලනවා කියන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site