IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුකාරවරු පත් කිරීමේදී එකඟතාවක්

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක අතර එම තනතුරු බෙදී යන ආකාරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුකාරධුර නවයෙන් පහක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ,හතරක් එක්සත් ජාතික පක්ෂයට ද වෙන් කිරීමට එමගින් යෝජනා කර ඇතැයි දැනගන්නට තිබේ.

ආණ්ඩුකාරධුර සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජෝන් අමරතුංග, දයා ගමගේ,ආනන්ද කුලරත්න සහ ශමල් සෙනරත් යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණෙන් පස් දෙනකු සහ එජාපයෙන් හතර දෙනකු පත් කිරීමේ යෝජනාවට පොදුජන පෙරමුණෙන් එතරම් කැමැත්තක් පළ වී නැති බවද දැනගන්නට ඇත.

කෙසේවුවද නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ළඟදීම සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (0)

ආණ්ඩුකාරවරු පත් කිරීමේදී එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site