(ඩයනා උදයංගනී)
රට තුළ දිළිඳුන්ගේ ප්‍රමාණය විශාල ලෙස වැඩි වී ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
එබැවින් මෙවර නත්තලේ දී ආටෝපවලට වහල් නොවී දිළිඳුන්ටත් වඩා දිළින්දකු ලෙස බිහිවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙනෙහි කරමින් දිළිඳුන් සමඟ නත්තල ගතකරන්නැයි කිතුණු බැතිමතුන් ඇතුළු සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් තමන් ඉල්ලීමක් කරන බව කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
කතෝලික රදගුරු මණ්ඩලේ පණිවුඩය වන්නේ ද එය බව කාදිනල්තුමෝ කීහ.
රට ආර්ථික වශයෙන් දරුණු පීඩාවකට ලක්ව බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් උදා වී ඇති මෙවන් බැරෑරුම් කාල පරිච්ඡේදයක නත්තල යනු බාහිර දේවලින් ජීවිතය පුරවා ගන්නා තවත් අවස්ථාවක් නොවන බවද අගරදගුරුතුමෝ පැවසූහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ නත්තල් සැමරුම වෙනුවෙන් සිය පණිවුඩය ඇතුළත් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ලෝකය පුරා වෙළඳ ආර්ථිකය ගෙනයන වැඩපිළිවෙල අනුව බොහෝ දෙනෙක් යම් යම් දේ මිලදී ගැනීම්, තෑගි බෝග බෙදාගැනීම් ආදියට නත්තල සීමා කළ ද, ක්‍රිස්තුස් වහන්සේගේ උපත මෙනෙහි කිරීම වඩාත් වටින බව කී අගරදගුරුතුමෝ ඉතා අහිංසක, දිළිඳු සාමාන්‍ය පරිසරයක සිදුවූ උන්වහන්සේගේ උපතින් ලබාදුන් පණිවුඩය අනුව ප්‍රේමයේ පාරමිතාව තුළ ජීවත් වෙමින් අපට හැකි අයුරින් අපේ අසල්වාසීන්ට, දිළිඳුන්ට උදව් උපකාර කළ යුතු බව ද කීහ.
නත්තල් මංගල්‍යයේ සැබෑ අරුත කෑම, බීම, ඇඳුම්, පැළඳුම් රතිඤ්ඤා, සැරසිලි ආදිය නොවන බවත්, එහිදී සිහිකරන්නේ ලෝකයට ප්‍රේමයේ සහ පරාර්ථකාමීත්වයේ උතුම් පණිවුඩය කියාදුන් ශ්‍රේෂ්ඨයකුගේ උපත බවත් කී කාදිනල්තුමෝ, මෙදා නත්තල වෙළඳ ආර්ථිකය පෝෂණය කිරීමට නොව අසල්වාසීන් හා දිළිඳුන් සමඟ ඇති දේ බෙදාගන්නා නත්තලක් බවට පත්කරගන්නැයි ඉල්ලීමක් ද කළහ.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආටෝපවලට වහල් නොවී දිළිඳුන් සමඟ නත්තල සමරන්න
hemantha Friday, 23 December 2022 03:24 PM
මොන දිළින්දන් වෙතද එදාට යන්නේ..? උතුරේද? දකුණේද? නැගෙනහිරද? බටහිරද?
ABFriday, 23 December 2022 05:43 PM
නත්තල් මංගල්‍යයේ සැබෑ අරුත තමාට දැනීමට නම් නත්තල් දිනයේ අනවශ්‍ය වියදම් / මත්පැන් සඳහා කරන්නා වූ වියදම නැවට දිළිඳු පවුලකට ආහාර ලබාදීමට කටයුතු කරන්න. මත්පැන් බීමෙන් ලබන තවකාලික සුවයට වඩා මානසික සුවයක් ඔබට එවිට ඔබට දැනෙනු ඇත.
Prabha Saturday, 24 December 2022 02:38 AM
දිළිඳා සමහරවිට ඔබේ අසල්වැසියා වෙන්නත් පුළුවන්...
බද්රානි Friday, 23 December 2022 05:29 PM
කාදිනල්තුමනි, මම දන්නා තරමින් කන්න නැති දිළිඳු කතෝලිකයින් නැහැ. අනික කතෝලිකයින්, අවශ්‍ය පිරිස්වලට, මුදලින් මෙන්ම කෑමබීම වලිනුත් උදව් කරනවා මම දැක තිබෙනවා. පල්ලිවල පියතුමන්ලා දායකයින්ගෙන් මුදල් හුරාගෙන V8 වාහන පදිනවා.. අපි දැකලා නැහැ. ඒ වගේම කතෝලික කන්‍යා සොයුරියන් පරිපාලනය කරන ළමා හා මහලු නිවාසවලින් විශාල සමාජ සේවයක් ඉටු කරනවා. බෞද්ධ කාන්තාවක් වුවත් මෙත් සිතින් ඒ ආයතනවලට උදව් කරන්න මම නම් කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ. කාදිනල්තුමා වැඩිය කරදර වෙන්න ඕනෑ නැහැ. කතෝලිකයින් ඔවුන්ගේ නත්තල සාමයෙන් එකිනෙකාට උපකාර කර ගනිමින් සතුටින් සමරාවි...!
JehanSaturday, 24 December 2022 04:59 AM
එයාලා පැද්දේ නැති වුණාට ඒවා 40ක් 50ක් ගන්න තරම් සල්ලි හොයාගෙන තියෙන්නේ. ඔයාලගේ ළමා නිවාසවල වෙන ඒවා මාධ්‍යවලට එන්නේ නෑ. කැනඩාවේ නම් ළමයි 1000ක් මරලා තැන්තැන්වල වලදාපුවා එළියට ආවා. අවුරුදු 100කට විතර පස්සේ...
මැක්ස් Friday, 23 December 2022 05:35 PM
එතකොට දැන් අර මහා මොලකරු හොයන මෙහෙයුමෙන් ඉවත් වෙලා ද? එහෙමත් නැත්නම් මහා මොලකරු හමුවෙලාද? ගෝල් ෆේස් පැත්තේ නොඑන්නේ දැන් සියලු ප්‍රශ්න විසඳිලා නිසාද?
sugath Friday, 23 December 2022 05:56 PM
මේ රටට මෙච්චර කෙළ වුනේ බොරු ආටෝපෙට ගිහින් තමයි...!
MeshanSaturday, 24 December 2022 06:10 AM
හොඳම වැඩේ කියන්නේ ලංකාවට ආටෝප ක්‍රමේ හඳුන්වා දීපු අයම දැන් ඒක එපා කියලා කියන එක... කිව්වාට වෙන්නේ නෑ. ගිහින් බලන්නකෝ නත්තලට පල්ලියේ අය එකිනෙකා පරයා ආටෝප පෙන්නන්න දඟලන දැඟලිල්ල...