
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (15) පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට දැනුම්දී ඇත.
එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණ මෙයට පෙරද ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේඛන කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභාලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයාද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කළ එම කාර්යාලයේ සේවකයකු සහ සේවිකාවකද එ් දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මේ අතර සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන් එහිදී සඳහන් කර තිබිණැයි කියති . එම ලේඛනය සභානායක කාර්යාලයට ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය
මේ අනුව එම කාර්යාල දෙකේ නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණ පැමිණිල්ලක් කළේය.
එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.
මේ සිද්ධිය කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
COMMENTS
ඔය කියන හුටපට විසඳන්න යන වියදම මහජන බදු මුදල් නේද..?
මගෙ නමටත් ඉසසරහින් කවුදෝ ආචාර්ය කියලා දාලා බලන්නකෝ මිනිස්සුන්ගේ මේවා කරන්නේ
මෙම පරිගණක ගත කරන තොරතුරු අදාළ මන්ත්‍රීවරුන් විසින් සභානායක කාර්ලයට ලබා දෙන තොරතුරු වන අතර, සභානායක කාර්යලයට පත්වූ විශ්‍රාම ලත් පාරල්මේන්තු නිළධාරියෙකු විසින් තම ගැලවිල්ලට මෙලෙස ඇත්ත වශයෙන්ම ඉතාමත් අහිංසක නිළධාරීන් දෙදෙනෙකු බිල්ලට දීමක්ය.
මේක දැන් මහා විහිළුවක් වෙලා තියෙන්නේ, මිනිස්සු හිනා වෙනවා.
ඔය පාර්ලිමේන්තුවේ අචරියෝන්ගේ හුට පටය තමයි අපට දැනට තිබෙන ලොකුම ප්‍රශ්නේ.., ගෝඨාභය වියත් මග කියලා ආචාරියෝ කීප දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනත් දැම්මා, ඔවුන් ටික අවුරුදු 2ක් යනකොට ගෝඨාවත් නැති කරලා රටත් විනාශ කරලා දැම්මා. දැන් අලුතෙන් ආපු ආචරියෝ සෙට් එක කරන්නේ මොකක්ද කියලා විමසිල්ලෙන් බලන් ඉඳිමු..
කවුරු මොනව කිව්වත් නම අයිති පුද්ගලයගෙන් අහල නිශ්චිතව දැනගෙන තමයි නම් ඇතුලත් කරන්න ඕන. මිනිස්සු කෙනෙකුට මයින කියනව, තව කෙනෙකුට බටලන්ද කියනව, මන්ත්‍රී කෙනෙක් තව කෙනෙකුට පයන්නෙන් වචනයක් කියනව, ජනපති කෙනෙක් එක්කෙනෙකුට පිස්සු පූසා කියනව. ඒ නම් පාර්ලිමේන්තු සයිට් එකේ දැම්මොත් ........... ?!? නම ඇතුල්කරන එකේ වගකීම තියන කෙනා වැරැද්ද බාරගන්න ඕන. ලංකාවෙ ඕන දේකට බෝලෙ පාස්කරන සෙල්ලම වහාම නතර කරල නිලධාරීන්ගෙන්, නායකයන්ගෙන් ජනතාව *"වගවීම"* ඉල්ලා සිටිය යුතුයි. වැරදි කරුවන් ඉල්ලා අස්වීම ඇතුලු සුදුසු දඬුවම් විඳිය යුතුයි. නැත්තං මේ රට හැදිලි බොරු!