ශ්රී ලංකාවට ආවේණික පුෂ්ප වර්ගවලට මාර්ගෝපදේශ ලබාදෙමින් ආචාර්ය ජාකෝබ් ද වලාස් මහතා විසින් ‘ඉලස්ට්‍රේටඞ් ෆීල්ඞ් ගයිඩ් ටු ෆ්ලවර්ස් ඔෆ් ශ්රී ලංකාව’ තෙවැනි වෙළුම කෘතිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී අද (5) පස්වරුවේ දොරට වැඩිණි.
ශ්‍රී ලංකාවේ සමනළ සහ ශාක විශේෂඥයකු වන හිමේෂ් ජයසිංහ මහතා ඇතුළු මෙරට ස්වභාව විද්‍යාඥයන්ගේ සහභාගීත්වය ඇතිව ලෝප්‍රකට ජීව විද්‍යාඥයකු වන ආචාර්ය ජාකෝබ් ද වලාස් මහතාගේ මහතා මෙම කෘතිය රචනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ වන සතුන්, ශාක හා මල්වර්ග සම්බන්ධයෙන් මීට පෙර ද ආචාර්ය ජාකෝබ් ද වලාස් කෘති දෙකක් රචනා කර ඇති අතර නව කෘතියෙන් ක්ෂේත්‍ර චාරිකාවලට නිරත වන්නන්ට මග පෙන්වීමක් කර තිබේ. ශ්‍රී ලංකාවට ආවේණික තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් සම්බන්ධයෙන් මෙම කෘතිය ඔස්සේ සාකච්ඡාවට ලක්කර තිබේ.
පිටු 320 කින් සමන්විත මෙම කෘතියට ශාක සහ සත්ව විශේෂ 1060 කගේ තොරතුරු ඇතුළත් කර ඇති අතර ඡායාරූප 3,000කට වැඩි ප්‍රමාණයක් එක්කර තිබේ.
055
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආචාර්ය ජාකෝබ් ද වලාස්ගේ තෙවැනි කෘතිය එළිදකී