IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආගමික සහජීවනය පොලොන්නරුවෙන් ලොවට පෙන්වයි

(නිමල් ජයරත්න)

පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී සියලු ජාතීන් හා සර්ව ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන්, සර්වාගමික වතාවත් සිදුකරමින් චෛත්‍යය ඉදිවන භූමියේම හින්දු කෝවිලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුවිය.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී, වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාමාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සුසිරිගම කළණ මිතුරු සංසදයේ සංවිධානයෙන් මීට වසරකට පෙර මෙම භූමියේම ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික එකමුතුකමේ නමින් චෛත්‍යයක මුල්ගල් තැබූහ.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ගේ, දානපතියන්ගේ, දායකයින්ගේ මෙන්ම නුවර ප්‍රදේශයේ දානපතියකු වන නලින් ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් මෙම චෛත්‍ය මෙන්ම හින්දු කෝවිල ඉදිකිරීමට අනුග්‍රහය ලැබී තිබෙන අතර මෙම කටයුතු වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශවල ජීවත් වෙන සියලු ජාතීන් සහ ආගමිකයින් නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික කටයුතු සිදුකිරීමෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දක්වමින් උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ උපලේකම් ශ්‍රිව සී කේ දයානන්දන් මහතා සඳහන් කළේ බෞද්ධ චෛත්‍යක් අසලම හිින්දු කෝවිලක් ඉදිකිරීම මගින් ප්‍රදේශයේ මෙන්ම ලෝකයට ආගමික සංහිදියාවේ පණිවිඩය ගෙන යන හොඳම අවස්ථාවක් මෙයයි.

මෙය අප රටේ අන්තවාදීන්ට කනේ පහරක් බවත්, මෙය ආදර්ශයට ගෙන සෙසු  පළාත්වල ජාතීන්, ආගම්, එකට ජීවත්වීමේ පණිවිඩය ලබාගත යුතු බවත්, මේ සඳහා දායක වූ සියලු දෙනාට හින්දු ආගමිකයන්ගේ ගෞරවය හිමිවන බවයි.



අදහස් (4)

ආගමික සහජීවනය පොලොන්නරුවෙන් ලොවට පෙන්වයි

කිරිපුතා Friday, 22 September 2023 07:19 PM

චෛත්‍ය අසළම නෙවෙයි, කෝවිල වෙන තැනක ඉදිකරගෙන එයාලගේ වතාවත් කරගන්න පුළුවන්නේ... බෞද්ධ ජනතාව කාගේවත් ඇදහිල්ලකට බාධාකරන මනුස්සයින් නෙවෙයිනේ. මේ වගේ පන්සල් භූමිය තුළම කෝවිල් හෝ වෙනත් අන්‍යාගමික ස්ථාන ඉදිකීරීමෙන් සංහිඳියාව නමින් පෙන්වන්නේ අනවශ්‍ය ප්‍රශ්න කරේ දා ගැනීමක්.

:       7       25

Roshan Saturday, 23 September 2023 05:41 AM

කොච්චර ආදර්ශ දුන්නත් වැඩක් නෑ. උතුරු නැගෙනහිර කෝවිල්වල පන්සලක් හදන්න පුළුවන්ද? තියෙන පන්සල්වල ආගමික වතාවත් කරන්න දෙනවාද? මුස්ලිම් අය කොහෙද පන්සලක් හරි කෝවිලක් හදන්න දුන්නේ සුදුලෝගු කාරයෝත් එහෙමයි. යාපනයේ දූපතක බුදු පිළිමයක් තැන්පත් කරා කියලා ඒක අයින් කරනකන් ලෝකෙ හැම තැනටම ගියා... මේ රට බේරගන්න ඕන සුදු ලෝගු කාරයින්ගෙන්...

:       4       3

Bamunuarachchi Saturday, 23 September 2023 06:42 PM

මෙන්න තවත් මෝඩයෙකුගේ වැඩක්. කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියන්නද ලැහැස්තිය..? කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතු කරගෙන යන්න ඉඩ නොදෙන දෙමළුන්ට දිඹුලාගල විහාර ඉඩමේ දේවාලයක් හදාගන්න ඉඩ දීමට මේ හාමුදුරුවන්ට අයිතියක් තිබෙනවාද? ඊළඟට හම්බයින්ට පල්ලියකුත් හදාගන්න ඉඩදී හජ්ජි දවසට බෝගහේ එල්ලා එළුවෝ කපන්නත් ඉඩ දේවි. මම ඇල්ලේ වැව රාජකාරි කරපු 1969 කාලේ සීලාලංකාර හිමියන් ළඟින් ඇසුරු කළා ඒ කාලේ මේ වගේ අදහස් ඒ හාමුදුරුවන්ට තිබුණේ නැහැ. ආගමික සහජීවනය හොයන්න මේ ගොයියෝ පන්සල් ඉඩම් අන්‍ය ආගමිකයින්ට දෙන්නේ මුදලටද?

:       0       0

Bamunuarachchi Saturday, 23 September 2023 06:50 PM

1969 හම්බ පුළුටක්‌ නොසිටි මේ ප්‍රදේශයේ දැන් හම්බයෝත් ඉන්න බව පෙනෙනවා. තව ටික දවසකින් හම්බ පල්ලියකට පන්සල් ඉඩමේම ඉඩ දෙන්න. ඊට පසුව කූරගලට වෙච්චි දේම දිඹුලාගලට සිද්ද වෙවි. මෙවැනි දේවල් නිසයි හම්බයෝ මේ රටේ පැලපදියම් වුනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site