ඇහැ , ඇහැක් වගේ රැක ගත යුතුයි. ඒ ආරක්ෂාව, පරෙස්සම අහිමි වී ගියහොත් පෙනීම සම්බන්ධ දුර්වලතා, අන්ධභාවය වැනි බරපතළ ප්‍රශ්න පවා මතු වීමට පුළුවනි. කෙනකුගේ පෙනුම, ආකර්ෂණය තීව්‍ර කරවීමෙහිලා ලස්සන, නිරෝගී හා දීප්තිමත් නෙත් සඟලක් තිබිය යුතුමයි. අපේ ඇස් දෙක නිසියාකාරයෙන් රැක ගන්නේ කොහොමද යන්න අද මාතෘකාවයි.
01) ඇස් හොඳින් සෝදන්න.
උදෑසනම මුහුණ සේදීමේදී ඇස් දෙකත් හොඳින් පිරිසුදු කිරීමට වගබලා ගන්න. ඇහැ මතුපිට සේම ඇහැ ඇතුළතත් කබ, කඳුළු ඉවත් වෙන පරිදි හොඳින් පිරිසුදු කරගත යුතු වේ.
02) ඇස් පිස දැමීම වෙනුවට තෙත මාත්තු කිරීම ප්‍රමාණවත්.
තුවා මගින් ඇස් සීරෙන මට්ටමට තදින් පිස දැමීම නුසුදුසුය. ඒ වෙනුවට තෙත් ගතිය වියැළෙන පරිදි තෙත මාත්තු කිරීම සෑහේ.
03) ඇස් මේක්අප් කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න.
ඇස්වල ආකර්ෂණය වැඩි කර පෙන්වීමට පැන්සල් හෝ මස්කාරා භාවිතයේදී ඇස් කෙළවර දක්වා නොඇඳීම කළ යුතුයි. කඳුළු ග්‍රන්ථි ඇස් අග කෙළවරෙහි පිහිටීම නිසා මේක්අප් මගින් ඒවා අවහිර වී යා හැකියි. එවිට ආසාදන, ඉදිමුම් තත්ත්ව ඇති වේ. ඒ වගේම මේක්අප් ඉවත් කිරීමේදී ඇස් අභ්‍යන්තරය හා නොගැටීමට සුපරික්ෂාකාරී වන්න.
04) ඇස් දෙකටත් ව්‍යායාම් අවශ්‍යයි.
ඔබ දවසින් වැඩි හරියක්ම පරිගණකය භාවිත කරන්නකු නම් දිගු වේලාවක් එම තිරය මත බලා හිඳීමද පීඩාවකි. එබැවින් සෑම පැය භාගයකටම හෝ පැයකට වරක් තිරයෙන් ඇස් මුදවා ඈත පිහිටි දෙයක් දෙස විනාඩි 05ක් බලා සිට නැවත වැඩ ඇරැඹිය හැකියි.
05) අව් කණ්ණාඩි භාවිතය
තද අව් රශ්මිය පවතින වෙලාවක පිටතට යාමට පෙර අව් කණ්ණාඩි පැළැඳීමට අමතක නොකරන්න.
06) ඔබ අනුගමනය කරන ආහාර රටාව ගැන තෘප්තිමත්ද? පෝෂණ ගුණෙන් ඉහළද?
හිසේ සිට පාදාන්තය දක්වා නිරෝගීතාවට පෝෂණය යනු අනිවාර්ය සාධකයකි. ඇස්වල පෙනුම මනාව පවත්වා ගෙන යාමට නම් පළා වර්ග සේම විටමින් ‘ඒ‘ අඩංගු ආහාරත් එක් කොට ගන්න.
07) ඇස් රෝග සම්බන්ධයෙන් පවුලේ ඉතිහාසය
කුමක් හෝ ඇස් රෝගයක් සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයකු පීඩා විඳිනවානම් ඔබද අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයකු හමු වී පරීක්ෂා කරවා ගැනීම නුවණට හුරුය.
08) කෘතිම කාච භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු
කාච භාවිත කොට ඉවත් කිරීමේදී වුවද නිසි පරිදි පිරිසුදු කොට අසුරා තැබීමට වගබලා ගන්න.තාවකාලික කාච පළඳින කාල සීමාව ඉකුත්ව ඇත්නම් භාවිතයෙන් ඉවත් කරන්න.
09) ඇහැට විවේකය සේම ඇස්වල සංකූලතා ගැනත් අවධානයෙන් පසුවීම නුවණට හුරුය.
ඔබ නිතරම හිස රුදාවෙන් පීඩා විඳී නම් එයද සමහර විටෙක ඇස් සම්බන්ධව විය හැකියි. එබැවින් වසරකට වරක්වත් ඇස් පරීක්ෂා කර ගන්න. ඔබ කණ්ණාඩි පළඳිනවා නම් නියමිත කාලසීමාවේදී ඒවා මාරු කිරීම අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍යවරයකුගේ නිරීක්ෂණය හා උපදෙස් මත සිදු කරන්න.
10) ඔබගේ වෘත්තිය අනුව ඇස් ආරක්ෂිත උපාංග භාවිතයට හුරු වන්න.
දුහුවිලි වැඩි තැනක නිතර ගැවසීමට සිදු වනවා නම් හෝ නිතරම බයිසිකලය හුරු වූ අයකු නම් හෝ පෑස්සුම් වැඩපළක සේවකයකු නම් ඇස් දෙක රැක ගැනීමට මූලිකතාවක් දිය යුතුමය. අදාල වෘත්තියට අනුව ඇස් ආරක්ෂිත උපාංග පැළැඳීම,ඇස් දෙකට විවේකය ලබා දීම වැනි දෑ අනුගමනය මගින් ඔබට ඇස් දෙක, ඇස් දෙකක් මෙන් රැක ගත හැකි වනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
මෙවර පළාත් පාලන මැතිවරණයට පානදුර නගර සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කිය
මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපිට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්
අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආකර්ෂණීය නෙතු සඟලක්